11.3 C
London
Friday, May 16, 2025
spot_img

එතකොට නාමල් බබා – හිරුණිකා (වීඩියෝ)

9 වෙනිදා දුමින්ද සිල්වා අනිවාර්යෙන් එළියට එන බව නාමල් කිව්වා..
ජනපතිගේ පුතා මෙතරම් කලක් නිදාගෙන සිටියාද?..

පක්ෂය මාරු කිරීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්දාධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ අවසන් කතාබහ පිළිබඳ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හෙළිදරව්වක් කළේය.

ඇය මෙම හෙළිදරව්ව කළේ, ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (21) දිගන ප්‍රදේශයේ පැවතදී රැස්විමකදීය.

හිරුණිකා සහ නාමල් රාජපක්ෂ අතර සිදුවූ සංවාදය ගැන ඇය මෙසේ පැවසුවාය. මම 8 වෙනිදා යනවා කියලා දැනගෙන නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මාවත්, අම්මවත් හම්බවෙන්න ආවා. ඔයා ගියත් අපි මේ සැරේ අනිවාර්යෙන් දිනනවා. දිනලා 9 වෙනිදා දුමින්ද සිල්වා අනිවාර්යෙන් එළියට යන බව නාමල් කිව්වා.

මම කිව්වා එළියට දාන්න දෙයක් නෑ දැනටත් එළියේ නේ ඉන්නේ කියලා. ඉන් පසු අපේ අම්මා ඇහුවා පුතා මේ ඇත්තද දුමින්ද සිල්වා කුඩු විකුණනවයි කියන්නේ කියලා. එතකොට මේ මනුස්සයා කියනවා ආ ඒක නම් මම දන්නෑ ආන්ටි සමහරවිට එයාගේ වටේ අය විකුණනවා ඇති එයා දන්නැතුව ඇති ඔවා කියලා.

එතකොට නාමල් බබා. මෙච්චර මුලු රටම දන්නවා කවුද කුඩු විකුණන්නේ කියලා මේ රටේ. ඒත් ජනාධිපතිතුමාගේ පුතා දන්නෑ කවුද විකුණන්නේ කුඩු කියලා මේ රටේ යැයි හිරුණිකා මෙනවිය පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ මත්කුඩු පානය කර මේ රටේ අහිංසක තරුණයන් පාරේ වැටී සිටින ආකාරය බැලීමට කොළොන්නවා, කොළඹ ප්‍රෙද්ශ වලට පැමිණ බලන ලෙසයි. මෙම දේවල් නොදන්නා රටේ ජනපතිගේ පුතා මෙතරම් කලක් නිදාගෙන සිටියාදැයි ඇසීමට කැමති බව ඇය පැවසුවාය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles