මෝදි අවුරුදු තෑගි බෙදයි

ශ්‍රී ලංකා සංචාරකයින්ට රටින් පිටවන අවස්ථාවේදීම වීසා ලබාගැනීමේ අවස්ථාව ඉන්දීය රජය විසින් ඉඩ සලසා දී තිබේ.

මෙය ඊයේ(14) දිනයේ සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව පසුගියදා මෙරට සංචාරයක නිරත වු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ලබාදුන් පොරොන්දුවකට අනුව මෙය ක්‍රියාත්මක වන බව සඳහන්ය.

කෙසේ වෙතත් රටින් පිටවන අවස්ථාවේ දී වීසා ලබාගැනීමට සඳහා අවශ්‍යතා කිහිපයක් අදාළ ශ්‍රී ලාංකිකයා විසින් සපුරාලිය යුතු බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේය.

ඉන්දියාවේ ස්ථාන නැරඹීමට හෝ සමීපතයෙකු මුණගැසීමට හෝ කෙටිකාලීන වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාව බලා ගමන් කරන සංචාරකයින්ට එම වීසා පහසුකම ලබාගත හැකි බව මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

එමෙන්ම අදාළ සංචාරකයාගේ විදේශ ගමන් බලපත්‍රය ඉදිරි මාස 6කට නොඅඩු කාලයක් සඳහා වලංගුව තිබිය යුතු බව ද සඳහන්ය.

සංචාරකයා සතුව ඉන්දියාවට යෑම සහ ඒම සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍රයක් තිබිය යුතු බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...