ඉන්දියාව ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයයි. එහි ලියාපදිංචි ඡන්දදායකයින් ගනන මිලියන 850කි. එමෙන්ම එය ලෝකයේ දෙවැනියට ජනගහනය අධික රාජ්‍යය වන අතර ආසියාවේ තෙවන සහ ලෝකයේ දස වෙනි විශාලතම ආර්ථිකය හිමි රටයි. සංඛ්‍යාලේඛන එසේ වුවද ඉන්දීය ජනතාවගෙන් 66%ක් පමණ අධික දරිද්‍රතාවයෙන් පෙළේ. ජනගහනයෙන් සියයට 32%ක් දිනකට ඩොලර් එකකට (ශ්‍රී ලංකා රුපියල් 140) අඩු ආදායම් ලබන අතර 50% පමණ දරුවන් මන්ද පෝෂණයෙන් පෙලෙයි.
මේ හැර අඩු සාක්ෂරතාවය, විරැකියාව සහ අළු යට ගිනි පුපුරු මෙන් පවතින ආගමික සහ සමාජයීය හැලහැප්පිලි ඉන්දියාවේ දැවෙන ප්රශ්නයන් අතර වේ.
මේ සියළු ගැටළු විසඳීම සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය තොරා ගැනීමට ඉන්දියානු ජනතාව පසුගිය මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කරනු ලැබුවා. පාලක කොංග්රස් පක්ෂය සහ දේශපාලන දැවැන්තයින් වූ සෝනියා ගන්ධි, මන් මෝහන් සිං වැන්නවුන් පරාජය කරමින් ඉන්දියානු අගමැති ලෙස ඔවුන් තෝරා ගත්තේ හැට හත් හැවිරිදි නරේන්ද්‍ර මෝඩි ය.
නරේන්ද්‍ර මෝඩි කිසි දිනෙක ඉන්දියානු පාර්ලිමේන්තුව නියෝජනය කල අයෙකු නොවේ. ඔහු 2001 වසරේ සිට ගුජරාටයේ මහ ඇමති ලෙස කටයුතු කළේය. අවිවාකහයෙකු වන ඔහු සිය මවට දැඩි භක්තියක් දක්වන්නෙකි. 2002 වසරේ හින්දු-මුස්ලිම් අර්බුදය සමනය කිරීමට ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා දැඩි ජාත්‍යන්තර දෝෂදර්ශනයටද ලක් විය.
නමුත් එම කලබල වලින් පසුව ඔහු ගුජරාටය ඉන්දියාවේ දියුණුතම ප්‍රාන්තයක් බවට පත් කලේය. එම දියුණුව හුදෙක් යටි තල පහසුකම් මතම පදනම් වූවක් නොවේ. වෙනත් වචන වලින් කිව හොත්, පාරවල් කාපට් කිරීමෙන් හෝ අධික පොළී මත ලබාගත් විදේශ ණය මත ගොඩනැගුණු ප්‍රතිඵල රහිත ගුවන් තොට, වරාය මත හෝ කැසිනෝ මත ගොඩ නැගුණු සංවර්ධනයක් නොවේ.
ඔහු ප්‍රාන්තයේ ආදායමෙන් 14%ක් අධ්‍යාපනය සඳහා වෙන් කළේය. ජනතාවගේ ප්‍රධානතම ආදායම් මාර්ගයන් වූ ගොවි තැන් සඳහා අවශ්‍ය ණය සහ අනෙකුත් පහසුකම් ලබා දුන්නේය. දූෂණය වංචාව අවම කළ අතර සියළු ජන කොටස් වලට නිදහසේ ජීවත් විය හැකි වට පිටාවක් ලබා දුන්නේය. සුදුස්සාට සුදුසු තැන් ලබා දුන් අතර ඔහුට අවශ්‍ය සංවර්ධන ඉලක්කයන් සපුරා දුන් අයට උසස් වීමුත්, නොදුන් අයට මාරු වීමුත් ලබා දුන්නේය. ඥාති සංග්‍රහය කිසිසේත් සිදු නොවුනේ ඔහු තම මව සමඟ හුදෙකලාව ජීවත් වූ අවිවාහයෙකු වූ නිසාය.
ඔහුගේ නායකත්වය නිරීක්ෂනය කල ඉන්දීය ජනතාව තම තීන්දුව පසුගියදා ලබා දුන්හ. ප්‍රතිඵලය නම් වසර තිහකට පසුව පැහැදිළි බහුතරයක් ලැබූ ඉන්දියාවේ පහළොස් වන අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි තේරී පත් වීමයි.
ගුජරාට් ප්‍රාන්තය සමඟ සසඳන විට ඉන්දියානු අගමැති යනු අති විශාල වගකීමකින් යුතු තනතුරකි. එමෙන්ම කාර්යය වපසරියද අති විශාලය. නමුත් ඉන්දියානු ජනතාව විශ්වාස කරන්නේ ඉන්දියාවට මෙතෙක් අහිමිව තිබූ ශක්තිමත් නිවැරදි දේශපාලන නායකත්වය නරෙන්ද්‍ර මෝඩිගෙන් ලැබෙනු ඇති බවයි.
මේ හැර ලංකාවේ පාලකයින්ට ඔහුගෙන් ලබා ගත හැකි ආදර්ශයන් බොහෝය. එම ආදර්ශන් ලංකාවේ නායකයින් ලබා නොගන්නේ නම් ලාංකික ඡන්දදායකයින් අපට වඩා සාක්ෂරතාවයෙන් අඩු, එහෙත් ජාතික ප්රශ්නවලදී අපට වඩා බුද්ධිමත් තීරණ ගන්නා ඉන්දියානු ජනතාව ආදර්ශයට ගත්යුතු බව මගේ අදහසයි.
source http://www.dasadesa.com/