“අලි බලපත් සියල්ල අහෝසි කරනවා”

0
131

අලි ඇතුන් සදහා නව බලපත් නිකුත් කිරීමට අයදුම් පත් කැඳවන බවද දැනට නිකුත් කරනු ලැබ ඇති බලපත් සියල්ල අහෝසි කරන බවද වනජීවී අමාත්‍ය නවින් දිසානායක මහතා බීබීසීට පවසා තිබේ.

නැවත ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණය සඳහා නව තාක්ෂණික ක්‍රම වේදයක් යොදා ගැනීමට කටයුතු සැලසුම් කර ඇති බවද මෙහිදී අලියාගේ ඡායාරූපය වෙනුවට ඉලෙක්ට්‍රොනික කර පටියක් භාවිතා කිරීම ද යෝජනා වී ඇති බව ද හෙතෙම පවසා තිබේ.