තම සිරුර සම්භාහනය (මසාඡ්) කර ගැනීමට යෑයි පවසා බාල වයස්‌කාර ශිෂ්‍යාවන් පස් දෙනෙකු (5) තම නිවසට වරින්වර හොර රහසේ කැන්දා එම ශිෂ්‍යාවන්ට නිල් චිත්‍රපට පෙන්වා මුදල් ලබා දී ඔවුන්ට වරින් වර ලිංගික අතවර කළ බව කියන ත්‍රිරෝද රථ රියෑදුරකු සහ ගොළු ව්‍යාපාරිකයකු මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතාගේ මෙහෙයවීම මත විශේෂ පොලිස් කණ්‌ඩායමක් විසින් 21 දා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ත්‍රිරෝද රථ රියදුරු මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහකයකු වන අතර දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් සඳහා විදේශගත වී ඇත. ඔහුගේ පිරිමි දරු දෙදෙනා ද විවාහ වී වෙන් වී ගොස්‌ය. ත්‍රිරෝද රථ රියෑදුරුගේ අතවරයට පත් වූ බාල වයස්‌කාර ශිෂ්‍යාවන් ත්‍රිරෝද රථ රියදුරු පදිංචි ප්‍රදේශයට තරමක් ආසන්න ප්‍රදේශයක දුප්පත් පවුල්වල අයවලුන්ය.
මෙම ත්‍රිරෝද රථ රියදුරු හුදකලාව තම නිවසේ ජීවත්වන අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්‌ථාවලදී අවුරුදු 11-13 අතර වයස්‌වල බාල වයස්‌කාර ශිෂ්‍යාවන් තම නිවසට කැඳවා ඔවුන් ලවා තම සිරුර සම්භාහනය (මාසාඡ්) කර ඔවුනට රුපියල් 50-100 බැගින් දීමට පුරුදු වී ඇත. පසුව එම ශිෂ්‍යාවන් තම නිවසට පැමිණි අවස්‌ථාවලදී ඔවුන්ට නිල් චිත්‍රපට පෙන්වා ඔවුනට කලක පටන් ලිංගික අතවර සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අතවර සිද්ධිය අනාවරනය වී ඇත්තේ එක් ශිෂ්‍යාවක් විසින් ත්‍රිරෝද රථ රියෑදුරු විසින් තමන්ට කළ අතවරය පිළිබඳව තම පංතිභාර ගුරුතුමියට කළ දැනුම් දීම මතය. පසුව එම විදුහලේ විදුහල්පතිනියගේ ඉල්ලීම මත එකම පංතියක ඉගෙනුම ලබන බාල වයස්‌කාර ශිෂ්‍යාවන් සියලු දෙනා ත්‍රිරෝද රථ රියදුරුගෙන් තමන්ට සිදු වූ අතවරය පිළිබඳව ඔවුන් දන්නා අයුරින් ලියා විදුහල්පතිනිය වෙත ඉදිරිපත් කර ඇත.
පසුව විදුහල්පතිනිය විසින් මෙම ළමා අපචාර සිද්ධිය පිළිබඳව මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට මහතා වෙත දැනුම් දීමෙන් අනුව විමර්ශන ආරම්භ කර ඇත. එහිදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරුට අමතරව තවත් විවාහක ගොළු මත්ස්‍ය අලවි ව්‍යාපාරිකයකු විසින් ද එම ශිෂ්‍යාවන්ට මුදල් ලබාදී ලිංගික අතවර සිදු කර ඇති බවයි. ඒ අනුව ගොලු ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගෙන ඇත. කුඩා දැරියන් වෛද්‍ය පරීක්‍ෂණ සඳහා රෝහල් ගතකර ඇත.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම, මීගමුව සහකාර පොලිස් අධිකාරී (1) අශෝක විඡේරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්තිලක වැලිවිට, එහි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුදත් බණ්‌ඩාර හා ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂක අනුෂිකා මැදවත්ත යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.