නෙල්සන් මැන්ඩෙලාගේ අන්තිම කැමති පත්‍රය එළි දක්වයි

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ අන්තිම කැමති පත්‍රය මාධ්‍යයට හෙළි කර තිබේ.

එහි දක්වා ඇති ආකාරයට මැන්ඩෙලාගේ සමස්ත දළ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 4.13ක් පමණි.

එම මුදල් වෙන් කළ යුතු ආකාරය පිළිබඳව ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් කර තිබේ.

ඒ අනුව, නෙල්සන් මැන්ඩෙලා පවුලේ අරමුදල වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 130000ක් වෙන් කෙරෙනු ඇත.

සමස්ත වත්කමෙන් අඩක් ඔහුගේ තෙවන බිරිඳ වූ ග්‍රාසා මාෂෙල්ට හිමි වනු ඇත.

ඊට අමතරව, තමන් ඉගෙනුම ලැබූ පාසල්වල දියුණුව සඳහා ද ඔහු මුදල් වෙන් කර තිබේ.

ඒ අනුව, කූනු ප්‍රදේශයේ උසස් විද්‍යාලයට දකුණු අප්‍රිකානු රෑන්ඩ් 100000ක මුදල් වෙන් කෙරේ.

මැන්ඩෙලා ජීවත්ව සිටි කාලයේ ඔහුගේ අරමුදලින් සිය දරුවන්ට ලබා දී තිබූ ණය පියවා නොමැති නම් එම ණය කපා හරින ලෙස ද සිය අන්තිම කැමති පත්‍රයෙහි ඔහු සඳහන් කර තිබේ.

එමෙන් ම දීර්ඝ කාලයක් තිස්සේ තමන්ට පෞද්ගලිකව සේවය කළ සේවකයින් වෙනුවෙන් රෑන්ඩ් 50000 බැගින් ඔහු වෙන් කර ඇත.

පසුගිය දෙසැම්බර් 5 වන දා ඔහු මිය යන විට සිටි නිවස මැන්‍ඩෙලාගේ රෝගී දරුවෙකු වන මැක්ගතෝට හිමි වන බව ඔහු සඳහන් කර තිබේ.

nelson-mandelas-cemetry

ඔහු අන්තිම කැමති පත්‍රයෙහි දක්වා ඇත්තේ, එම නිවස මැන්ඩෙලා පවුලේ සාමාජිකයින් සියලු දෙනා එකමුතුව රැස්වන ස්ථානයක් බවට පවත්වාගෙන යා යුතු බව ය.

පිටු 40කින් සමන්විත එම අන්තිම කැමති පත්‍රය පළමු වරට 2004 වසරේදී ලියා ඇති අතර, 2008 වසරේදී යළි ත් එය සංශෝධනය කර තිබේ.

නෙල්සන් මැන්ඩෙලා මිය යන විට 95 වන වියේ පසු විය.

දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, නෙල්සන් මැන්ඩෙලා දේශපාලන බලය හරහා සිය ධනය රැස් කළ අයෙකු නොවන බව ය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...