Wednesday , 19 February 2025

නෙළුම් පොකුණ මාවත ආනන්ද කුමාරස්වාමි මාවත ලෙස අද සිට නම් දරයි.

-ආනන්ද කුමාරස්වාමී මාවත ලෙසින් කොළඹ නෙළුම් පොකුණ රඟහළ ඉදිරිපිට මාර්ගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) සුභ මොහොතින් විවෘත කරන ලදී.
පසුගිය රජය මගින් එම මාර්ගය නෙළුම් පොකුණ මාවත ලෙස නම් කර තිබු අතර එය ඉතිහාසඥයකු මෙන්ම ප්‍රවීණ විද්වතකු වන නැසීගිය ආනන්ද කුමාරස්වාමි මහතාට අවමන් කිරීමක් ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසන ලදී. එම පැමිණිල්ල මත සොයා බලා මෙලෙස එම මාර්ගයේ නාමය වෙනස් කිරීමකට අද දිනයේ සිට භාජනය කරන ලදහ. ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම මාර්ග යළි ආනන්ද කුමාරස්වාමී මාවත ලෙස කොළඹ මහ නගර සභාව විසින් අනුමත කර නම් කරන ලදී.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...