17.1 C
London
Thursday, November 13, 2025
spot_img

ශ්‍රීපවන් නව අගවනිසුරු ලෙසට දිවුරුම් දෙයි.

-ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු කේ ශ්‍රීපවන් මහතා නව අගවනිසුරු ලෙස ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයයේ දී අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනලදී.
1952 පෙබරවාරි 29 වැනි දා උපන් ශ්‍රීපවන් මහතා යාපනය හින්දු විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර 1974 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළු වන ලදී. 1978 දී නීතීඥවරයෙක් ලෙස ද ඒ වසරේ දී ම වැඩ බලන රජයේ නීතීඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට එක් විය. 1979 ස්ථිර රජයේ නීතිඥවරයකු ලෙස උසස් වීමක් ලැබිණි. 1989 දී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරයෙක් ලෙසට උසස් කරනු ලැබූ අතර කොළඹ විශ්ව විද්‍යාලයයට සම්බන්ධ වී වැඩිදුර නීතිය හැදෑරූ හෙතෙම 1992 දී වාණිජ නීතිය පිළිබඳ ඩිප්ලෝමාවක් ද, 1994 වසරේ දී ලන්ඩන් විශ්ව විද්‍යාලයයේ නීති විශාරද උපාධිය ද හිමි කර ගත්තේය. 1996 පෙබරවාරි 22 වැනි දා නියෝජ්‍ය සොලිස්ටර ජනරාල්වරයකු ලෙස උසස්වීම් ලද ශ්‍රී පවන් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ විභාග වූ ව්‍යවස්ථාමය නඩු කටයුතු හා මූලික අයිතිවාසිකම් නඩු කටයුතු මෙහෙයවීමේ වගකීම ද පැවැරිණි. වසර 24කට ආසන්න කාලයන් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන ලදී.
2002 දී අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ද වූ ඒ මහතා 2007 දී අභියාචනාධිකරණයේ සභාපති ලෙස තේරී පත්වූ අතර 2008 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට පත් කරනු ලැබීය. 2013 වසරේ දී වැඩබලන අගවිනිසුරු ලෙස කටයුතු කර ඇත. පසුගිය ජනවාරි නව වැනි දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ද ශ්‍රීපවන් විනිසුරු ඉදිරියේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles