-ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුව පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබු ජාතික කොඩිය පහත දමා සිංහලේ කොඩිය නමැති වෙනත් කොඩියක් බලහත්කාරයෙන් එසවු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
සිද්ධිය සැල වීමත් සමග එහි පැමිණි පොලිස් නිලධාරීන් සහ මෙම කාර්යයට පැමිණි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබේ.
වාරියපොළ ශ්‍රී සුමංගල හිමි ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහලේ කොඩිය හෙවත් අප පැරණි ජාතික කොඩිය ඔසවා 2015 මාර්තු 2 වැනි දිනට වසර 200ක් සැපිරීම නිමිත්තෙන් මෙය සිදු කළ බව නව කොඩිය එසවූ පිරිස් ප්‍රකාශ කර තිබේ.
මෙම සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.