වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය හිමිවීමත් සමඟ ඉදිරියට කළ යුතු ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අලුත් ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය හිමි වී ඇති අතර එය හේතු කරගෙන ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව පළමු වරට පාර්ලිමේන්තුව හෙට (20) දින රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව එහිදී රජයේ දින 100 වැඩපිළිවෙල බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාස කරයි.