වහාම ක්‍රියාත්මක වන පරිදි නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස තාවකාලිකව බ්‍රිගේඩයර් කේ.ජේ ජයවීර මහතා පත් කර තිබේ.
පුහුණු හා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හා ආරක්ෂක මාණ්ඩලික කාර්යාලයේ ප්‍රධානි ලෙසද කටයුතු කරන අතරවාරයේ නව පදවියද ලබාදී ඇති බව යුද හමුදා නිල වෙබ් අඩවිය උපුටා දක්වයි.
මේවන තෙක් කටයුතු කළ බ්‍රිගේඩයර් රුවන් වනිගසූරිය මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදා මූලස්ථානයට මාරුකර යවා තිබේ.