13.3 C
London
Friday, November 14, 2025
spot_img

දිමුත් කරුණාරත්න මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි.

නවසීලන්තයට එරෙහි තරගයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර ක්‍රයිස්චර්ච් හැග්ලි ඕවල් පිටියේ පැවැත්වෙන තරගයේ අද තුනවැනි දිනය යි.

ඉනිමක පරාජයෙන් බේරීම සඳහා නැවතත් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව අද තරගය ආරම්භ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 84ක් රැස් කරගෙන සිටියේ ය.

ආරම්භක පිතිකරු කෞශාල් සිල්වා ලකුණු 33ක් රැස් කළේ ය.

මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 152ක් රැස් කළේ 4 පහර 17ක් ද සමගිනි.

ඇන්ජෙලෝ මැතිව්ස් 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත් විය.

දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා කඩුලු 5කට ලකුණු 293ක් රැස් කර ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාව නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 10ක් පිටුපසින් සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles