නවසීලන්තයට ලකුණු 193 ක ජයක්

නවසීලන්තයට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකාවට ලකුණු 193ක දැවැන්ත පරාජයක් හිමි විය.

ජනවාරි 3 වන දා ආරම්භ වූ මෙම තරගයේදී නවසීලන්තය පළමු ඉනිම වෙනුවෙන් සියලු කඩුලු දැවී ලකුණු 221ක් රැස් කළේ ය.

නවසීලන්තය (පළමු ඉනිම) – 221/10

කේන් විලියම්සන් – 69
හමිෂ් රදර්ෆර්ඩ් – 37

පන්දු යැවීම – නුවන් ප්‍රදීප් (4/63), සුරංග ලක්මාල් (3/71)

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 356ක් රැස් කළේ ය.

එහිදී කුමාර් සංගක්කාර ලකුණු 203ක් රැස් කිරීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව (පළමු ඉනිම) – 356/10

කුමාර් සංගක්කාර – 203
දිනේෂ් චන්දිමාල් – 67

නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 524ක් රැස් කර තිබියදී ඉනිම අත්හිටවනු ලැබීය.

එහිදී කේන් විලියම්සන් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 242කි.

ඊට අමතරව බ්‍රැඩ්ලි වොට්ලිං නොදැවී ලකුණු 142ක් රැස් කළේ ය.

නවසීලන්තය (දෙවන ඉනිම) – 524/5

කේන් විලියම්සන් – 242 නොදැවී
බ්‍රැඩ්ලි වොට්ලිං – 142 නොදැවී

ඒ අනුව, ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ගැනීම සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 390කි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 196කට බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව (දෙවන ඉනිම) – 196/10

ලහිරු තිරිමාන්න – 62 නොදැවී
කෞෂාල් සිල්වා – 50

පන්දු යැවීම – මාර්ක් ක්‍රෙග් (4/53)

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කේන් විලියම්සන් නම් කෙරිණි.

නවසීලන්තය සමග පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

new-zealand-players-celebrate-after-the-series-win

Check Also

ඡන්දෙට එනවාද? නැද්ද? – මෙන්න සංගා ගේ උත්තරේ

ඉන්දීය කණ්ඩායම සමග ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් කි‍්‍රකට් ...

” FCID යට දොර පොල්ල ගන්න”

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන්ට ගල් ගසන්න කියා තමන් නොකියන බවත්, එහෙත් නීති විරෝධිව පිහිටවූ ...