බුදුන්ට අපහාස කළ තිදෙනෙකුට සිර දඩුවම්

-බුදුදහමට අපහාස කළ බවට එල්ල වූ චෝදනා මත වරදකරුවන්වූ බුරුම ජාතිකයින් දෙදෙනෙකුට සහ නවසීලන්ත ජාතිකයෙකුට බරපතල වැඩ සහිත වසර දෙකහමාරක සිරදඩුවමක් නියම කර තිබෙනවා. ඒ බුරුම අධිකරණයකදී සිදුකල දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි. ගෞතම බුදුන් වහන්සේ ශ‍්‍රව්‍ය උපාංගයක් හෙවත් හෙඞ් ෆෝනයක් පැළඳ සිටින ආකාරය චිත‍්‍රයට නගමින් එහි ජායාරූප අන්තර් ජාලයට මුදා හැරීම ඔවුන්ට එල්ල වී තිබූ චෝදනාවයි. මත්පැන් සාදයක ප්‍රචාරක කටයුත්තක් සඳහා මෙම ජායාරූප යොදා ගෙන ඇතැයි ද චෝදනාවල සඳහන්. මේ අතර නවසීලන්ත ජාතිකයා බුරුමයෙන් පිටුවහල් කිරීමටද තීරණය වී ඇතැයි සඳහන්.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...