විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවති අතර එහිදී නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තමාට විපක්ෂ නායක ධූරය හෙබවීමට අයිතියක් නොමැති නම් සන්ධානයේ වෙනත් මන්ත්‍රීවරයෙකු ඒ සදහා සුදුසු බවට යෝජනා කරන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්ණ කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ධූරය සදහා යෝජනා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එලෙස ප්‍රශ්ණ කර සිටියි.
එසේම එහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ “විපක්‍ෂ නායකකම ගන්න ඕනේ නම් ගන්න. ඒත් පිටි පස්‌සේ ඉඳලා පිහියෙන් අනින්න එපා” යනුවෙනි.