12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

නිර්මාල්ට ප්‍රහාරයක් !

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ට කිසියම් පිරිසක් විසින් පහරදී තිබේ.

මැයි දින රැළියක් පැවැත්වෙමින් පැවති කිරුළපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය අසළදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් ප්‍රහාරයට ලක්වූ ඔහු මේවන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයා වූ ඔහු මෑත කාලය තුළ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස බොහෝ මැදිහත්වීම් කරන ලද අයෙකි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles