13.1 C
London
Friday, November 14, 2025
spot_img

” මහින්දට නාම යෝජනා දන්නේ නෑ”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ මේ වන තෙක්‌ සිදුව නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා පැවැසීය.

දුරකථනයෙන් කරුණු දැක්‌වූ ඇමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිපයෙන් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නිල වශයෙන් කිසිම ඉල්ලීමක්‌ පක්‍ෂ මූලස්‌ථානයට යොමු කර නැතැයිද එම නිසා තැන් තැන්වල කරන ප්‍රකාශවල කිසිදු පදනමක්‌ නැතැයිද පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට ශ්‍රීලනිපයෙන් තරග කරන්නේ නම් ඊට විරුද්ධව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියද ඉදිරිපත් වන බවට ප්‍රකාශ නිකුත් කර ඇති නිසා මහින්ද රාජපක්‍ෂ මහතාට නාම යෝජනා ලබාදීම ගැටලු සහගත බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles