නව ජංගමයක සංක්‍රමණයක් (VIDEO)

වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයිද කියන අලූත්ම ජංගම දුරකථනයක් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වේ.
නොකියා 215 ලෙස නම් කර තිබෙන මෙම දුරකථනය ඉහළ බැටරි ධාරිතාවයක්, සරල වුවත් වැඩකටයුතු රාශියක් කළ හැකිවීමත් ආදී ලෙස එදා නොකියා නාමයට හිමිව තිබූ තැන යළිත් නිර්මානය කර ඇත්තක් ලෙස මයි

වර්තමානයේ ඇති තාක්ෂණයෙන් හා පහසුකම් වලින් පිරි ජංගම දුරකථනයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ඉතා සරල එමෙන්ම කල් පැවැත්ම අතින් ඉහළ යැයිද කියන අලූත්ම ජංගම දුරකථනයක් එළිදැක්වීමට මයික්‍රොසොෆ්ට් සමාගම සූදානම් වේ.
නොකියා 215 ලෙස නම් කර තිබෙන මෙම දුරකථනය ඉහළ බැටරි ධාරිතාවයක්, සරල වුවත් වැඩකටයුතු රාශියක් කළ හැකිවීමත් ආදී ලෙස එදා නොකියා නාමයට හිමිව තිබූ තැන යළිත් නිර්මානය කර ඇත්තක් ලෙස මයික්‍රොසොෂ්ට් සමාගම හඳුන්වාදී තිබේ.සමාගම් ආරංචි මාර්ග වලට අනුව වරක් ආරෝපණය කළහොත් මෙම දුරකථනයේ බැටරිය මාසයක් පමණ ගතවනතෙක් නැවත වරක් ආරෝපණය කළ යුතු නැත.
හුරුබුහුටි ලෙස නිමවා ඇති මෙම දුරකථනයේ පහසුකම් නැතුවාද නොවේ. කැමරාවක්, අන්තර්ජාල පහසුකම්, බ්ලූටූත් ආදී වර්තමානයේ ජංගම දුරකථනයකට අත්‍යාවශ්‍ය යැයි සැලකෙන පහසුකම් එහි තිබේ.

එය මිල කර තිබෙන්නේ ඩොලර් 29 ක (රුපියල් 3810.60) මිලකටය.

මෙම දුරකථනය ආසියාව හා අපි‍්‍රකා රටවල් මුල් කරගෙන හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරයි. බොහෝ විට මෙම වසර මුල් මාස 3 අතර කාලයේදී එම කලාප වල වෙළදපොළවලට මෙය නිකුත් කෙරෙනු ඇත.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...