12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

උතුරු මැද පළාතේ අනංගයා මාට්ටු

උතුරුමැද පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු සහායක හා කාර්යාල කම්කරු සේවකයන් බඳවා ගැනීමේ වැඩසටහනට මුවාවී පළාතේ තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සාහ කළ ගුරුවරයාගේ වැඩ තහනම් කළ බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ මගින් මෙම පුද්ගලයා පිළිබඳව හෙළිදරව් කළ අතර පළාත් ඇමැතිවරයකුගේ රැකවරණ මත මෙම පුද්ගලයා රැකියා ලබාදීම සඳහා තරුණියන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගන්නා ක්‍රමවේදය රහසිගතව ගවේෂණය කර හෙළිදරව් කෙරිණි.මෙම ගුරුවරයා කාලයක් තිස්සේ රාජකාරි නිවාඩු අනුමත කරගෙන ඉගෙනීම් කටයුතුවලින් බැහැරව රජයේ මුදල් ලබාගෙන ඇතැයි තොරතුරු හෙළිවී ඇත.

ඒ පිළිබඳව වෙනම අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවද පළාත් සභා ප්‍රකාශකයා පැවසීය.

මෙම ගුරුවරයා ආරක්ෂා කර ගැනීම සඳහා පළාත් ඇමැතිවරයකු මහ ඇමැති පේෂල ජයරත්න මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් මතෛක් එම අවස්ථාව ලැබි නැතැයිද වාර්තා වෙයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles