13.1 C
London
Thursday, May 15, 2025
spot_img

Notting Hill හි සැණකෙළිය​

සෑම අවුරුද්දකම බටහිර ලන්ඩනයේ වීදි යුරෝපයේ විශාලතම වීදි සැණකෙළියේ අසිරියෙන් ප්‍රාණවත් වේ. සැතපුම් විස්සක් පුරා විසිරුණු වර්ණවත් ඇඳුම් පැළඳුම්, 40 කට අධික ස්ථිතික ශබ්ද විකාශන පද්ධතීන්, සිය ගණනක් කැරීබියානු කෑම සල්පිල්, 40 000 කට අධික ස්වේච්ඡා රඟ දක්වන්නන් සහ මිලියනයකට අධික Notting Hill හි සහභාගීවන්නන්ගෙන් මෙම වීදි වැසී යයි.
Notting Hill හි බටහිර ඉන්දියානු සමාජය විසින් දේශීය උත්සවයක් ලෙස ආරම්භ කරන ලද මෙම සැණකෙළිය පසු කාලීනව මුළු මහත් ලෝකයේම ආගන්තුකයින් සහභාගී වන වංශවත් කැරීබියානු සැණකෙළියක් බවට පත් වී ඇත. විස්මයජනක රැඟුම්, සාම්ප්‍රදායික ලෝහ බෙර නාදය, දැවැන්ත සංගීත පද්ධති වලින් විහිදෙන සංගීත විභ්නය සහ පාර දෙපස පිහිටි සිය ගණනක් වූ සල්පිල් වලින් සමන්විත මෙම සැණකෙළිය ලන්ඩනයේ විශ්මිතම වාර්ශික සැණකෙළිය බවට තාර්කයෙන් පිළිගත හැක.
Great Western වීදිය අසලින් ඇරඹෙන මෙහි ප්‍රධාන සරඹ පෙරහැර Westbourne Grove හි Chepstow මාර්ගය ඔස්සේ Ladbroke Grove වෙත පිවිසෙයි. සන්ධ්‍යා කාලයේදී රඟ දක්වන්නන් පෙරහැරින් නික්ම යන නමුත් පැමිණෙන පිරිස තවදුරටත් සාද පවත්වමින් විනෝද වෙයි.

   

   

   

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles