11.3 C
London
Friday, May 16, 2025
spot_img

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණේ මෙම ඖෂධ පෙළ නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍ය සමාගම පාරිභෝගිකයින් නොමග යවා තිබීමයි. මෙම ඖෂධ පෙළ වෙළෙඳපොළට නිකුත් කර තිබුණේ නිව්රොෆෙන් සාමාන්‍ය ඖෂධයට වඩා දෙගුණයක් පමණ වැඩි මිලකට බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ පිළිබඳ අදහස් දක්වමින් අදාළ බ්‍රිතාන්‍ය සමාගම කියා සිටියේ පැනවුණු තහනම ඔස්ට්‍රේලියාවට පමණක් සීමා වන බවයි. තමන් විසින් නිෂ්පාදනය කෙරෙන නිව්රොෆෙන් ඖෂධ පෙළ සෙසු රටවල පෙර පරිදිම අලෙවි කරන බවද ඔවුන් කියා සිටියා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles