ගැබිණි මව්වරුන්ට ලබාදුන් පෝෂණ මල්ලේ නුසුදුසු භාණ්ඩ පිළිබඳව පරීක්ෂණයක්.

0
149

-අඹගමුව වෙන්චර් වතුයායේ ගැබිණි මව්වරුන්ට ලබාදුන් පෝෂණ මල්ලේ පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ ඇතුලත් කර තිබීම පිළිබදව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විශේෂ පරීක්ෂණයක් අරඹයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කර තිබේ. ගැබිනි මව්වරුන් 130 දෙනෙකුට මෙම පෝෂණ මල්ල බෙදාදීමට සැලසුම් කර තිබිණ. එහි තිබූ කඩල, කවුපි සහ හාල්මැස්සන් නුසුදුසු තත්ත්වයේ තිබූ බවට අනාවරණය විය. පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම භාණ්ඩ ඉවත් කර තිබේ. අදාළ භාණ්ඩ ලබාදුන් පෞද්ගලික වෙළෙද සැලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන බව නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර මහත්මිය පවසයි.

DSC074241-300x169

DSC074271-300x169-1

DSC074311-300x169

DSC074351-300x169

DSC074401-300x169

DSC074441-300x169

DSC074491-300x169