Wednesday , 12 February 2025

ඇමෙරිකාවේ ජනපති හා බියෝන්සේ අතර ආදර සම්බන්ධයක්

ප්‍රංශ මාධ්‍ය ඇමෙරිකාවේ ජනපති හා බියෝන්සේ අතර ආදර සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළි කරයි

ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු වන පැස්කල් රොස්ටේන් පසුගියදා ඇමෙරිකාවේ ජනපති වන බරක් ඔබාමා හා ජාත්‍යන්තර කීර්තියට පත් ‍පොප් ගායිකාවක වන බියොන්සේ අතර ඇතිවී තිබෙන ආදර සම්බන්ධතාව නිසා ධවල මන්දිරය අවුලට පත්වී ඇති බව ඒත්තු ගන්වන ආකාරයේ පුවතක් හා ඡායාරූප වොෂින්ටන් ‍පෝස්ට් හරහා පළකොට තිබුණා.
මෙම ඡායාරූප ශිල්පියා ප්‍රංශයේ ඉතා සම්භාවනීය පුවත්පතක් වන ල ෆිගරෝ හි ප්‍රථමයෙන්ම මෙම ඡායාරූප පළකොට තිබුණා.

මේ පිළිබඳව අදහස් පළ කළ පුද්ගලයකු පවසා තිබුණේ “ඇමෙරිකාවේ ඇත්ත තත්ත්වය හෙළි කරන්න තිබෙන හොඳම වෙලාව මේකයි. සමහර විට මේක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් ඇමෙරිකාවට. වොෂින්ටන් පුවත්පතේ මෙම ලිපිය පළවීම නිසා ලොව පුරා වෙසෙන බොහෝ දෙනෙක් මේ පිළිබඳව බොහෝ දේ කතා බහ කරාවි. සමහර විට එවිට අපිට ඇත්ත ඇති සැටියෙන් දැනගැනීමට අවස්ථාව උදාවේවි.” යනුවෙනුයි.

මේ පුවත පළ කළ මාධ්‍යවේදියාම ප්‍රංශයේ පළ කරන සඟරාවක් වන පීපල් මැගසින් හට මීට පෙර පවසා තිබුණේ බරක් ඔබාමා හා මිෂෙල් ඔබාමා විවාහ දිවියෙන් සමුගැනීම සඳහා තම සිත් යොමු කොට තිබෙන බවයි.
මේ අපූර්ව චෝදනා අපවාද අතර ප්‍රංශයේ ජනපති ප්‍ර්‍රන්ශුවා ඔලොන්දි හා ඇමෙරිකා ජනපති අතර හමුවක්ද සිදුවුණා. එක වල්ලෙ ‍පොල් වගේ ප්‍රංශ ජනපතිද මේ වන විට එරට ජනප්‍රිය නිළියක් වන ජුලි ගයේට් සමග පෙම් පලහිලව්වක පැටලී සිටිනවා. ප්‍රංශ ජනපතිගේ ප්‍රේම කතාව මුල්වරට ලෝකයට හෙළිකර සිටියේ ප්‍රංශයේ සඟරාවක් වන ක්ලෝසර් සඟරාව විසිනුයි.
ඒ ඡායාරූපද සමගයි. එම නිසා එරට ජනපතිට නම් මේ සම්බන්ධය බොරු චෝදනාවක් බවට පැවැසීමට නම් කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. ප්‍රංශ ජනපති හා ඇමෙරිකානු ජනපති මේ හමුවීම යොදාගෙන තිබුණේ දෙරට අතර තිබෙන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බවයි ද වොෂින්ටන් ‍පෝස්ට් පුවත්පත පවසා තිබුණේ. මේ අතර ප්‍ර්‍රන්ශුවාගේ ප්‍රේම කතාව අලලා උණු උණු පුවත් ඛිව්ව් හරහා ලොව පුරා ප්‍රචාරය කර තිබුණා. ප්‍රංශ ජනපති වසර හතක් තිස්සේ ජුලි ගයේට් සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන යන බව හා ඒ සම්බන්ධතාවය හේතුවෙන් ප්‍රංශ ජනපතිගේ කීර්තිනාමය දිගින් දිගටම පහළ බැසීමක් සිදු වූ බව මාධ්‍ය සඳහන් කොට තිබුණා. පසුගිය වසරේ නොවැම්බර් මස බරක් ඔබාමාට ප්‍රංශ ජනපති හා ආර්යාවගේ විවාහ දිවිය බිඳ වැටී ඇති බව අහන්න ලැබි තිබුණා. ඒ වගේම ධවල මන්දිරයට පැමිණීමට සිටි ප්‍රංශ ජනපති එහි ඒමට නොහැකි බව ජනපති ඔබාමාට දැනුම්දී තිබුණේ ඔහුගේ විවාහ දිවිය දෙදරීම හේතුවෙන් බවයි එරට මාධ්‍ය තවදුරටත් පවසා තිබුණේ.

මේ සියලු කාරණා අතරතුර ප්‍රංශ මාධ්‍ය වාර්තා කොට තිබුණේ එරට ජනපති ඉතා සිත් අමාරුවට පත්වී ඇති බවයි. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කොට තිබුණේ ලෝකයේ මහා බලවතාගේ පෞද්ගලික ජීවිතය එරට මාධ්‍යවේදියකු විසින් හෙළි කිරීම නිසා ධවල මන්දිරයේ සාමාජිකයන්් මුහුණ පා සිටින අසීරු තත්ත්වයලු. ප්‍රංශ ජනපති හෝ ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා පමණක් මෙසේ අනියම් සම්බන්ධතා පැවැත්වුවා යැයි කීවොත් එය විහිළුවක්. මීට පෙර සිටි ජනපතිවරුන්ගේ අනියම් පෙම්වතියන් වූ මැරලින් මොන්රෝ, මොනිකා ලෙව්ස්කි ආදී චරිතද ඇමෙරිකානු ඉතිහාසය පුරා වාර්තා වුණා.
මේ සියලු කාරණා අතරතුර හොලිවුඩ් ලයිෆ් පවසා තිබුණේ බියොන්සේ සහ ඇයගේ සැමියා වූ බ්චර 2 ජනපති ඔබාමාගේ පවු‍ලේ උදවියගේ හොඳ මිතුරන් බවයි. පසුගියදා 50 වන උපන් දිනය සමරන ලද මිෂෙල්ගේ උපන් දින සාදයටද බියොන්සේ පැමිණ තිබුණා. බියොන්සෙ 2008 වසරේ විවාහ වී ඇති අතර ජනපති හා මිෂෙල් ඔබාමා විවාහ වී දැනට වසර 21ක් ගතවී ඇති නිසා මේ කතා හුදෙක් මවාපෑම් බවයි එරට මාධ්‍ය පවසා තිබුණේ.

බියෝන්සේ උපත ලබා ඇත්තේ 1981 සැප්තැම්බර් 4 වෙනිදා ඇමෙරිකාවේ ටෙක්සාස් හිදියි. ඇයට ඉචඵඩච ජ්ඪඥපජඥ යනුවෙන්ද නමක් තිබෙනවා. නමුත් බොහෝ දෙනා අතර සාශා නමට වඩා ජනප්‍රිය බියොන්සේ යන නමයි. ඇය ගායිකාවක් මෙන්ම නිළියක් ලෙස ජනප්‍රිය චරිතයක්. මේ වන විට බියොන්සේ හට එක් දරුවෙක් සිටිනවා. 2003 වසරේ බියෝන්සේ ච්චදඨඥපධභඵතර ඪද ඹ්ධමඥ ගීත ඇල්බමය ලොව පුරා මිලියන 11ක් අලෙවි කර තිබුණා. ග්‍රැමි සම්මාන පහක් ලබා ගැනීමටද ඇය සමත් වී තිබුණා.

ශිරෝනි ග්‍රේරෝ

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...