ඔබාමාගේ අලුත් නිල රථය !

0
144

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හට නව තාක්ෂණය මුසුකර නිපදවූ පාපැදියක් තැගි කිරීමට චිලී රටේ ඔක්ස්ෆර්ඩ් පාපැදි සමාගම සූදානමින් සිටී.

මේ පාපැදිය තැගි කිරීමට සැරසෙන්නේ ගල්ෆ් යුද්ධයේ 24 වැනි සංවත්සරය වෙනුවෙනු වෙනි.

බයික් වන් ලෙස නම්කර ඇති මේ පාපැදිය ඔබාමාට හිමිවන්නේ ලබන වසරේ ගිම්හානයේදීය.

මේ පාපැදිය වෙඩි නොවදින ටයර්,ආලෝකය ලබාදීමට එල්ඊඩී බල්බ, බ්ලැක්බෙරි ජංගම දුරකථන චාජරයක් හා ඔබාමා යන යන තැන රැගෙන යන එරට නි්‍යෂ්ඨික බෝම්බ සක්‍රිය කර හැකි බොත්තම් අඩංගු බ්‍රිෆ්කේසය දමාගෙන යාමට බ්‍රිෆ්කේස රඳවනයක්ද තිබේ.

ජනපති ඔබාමා පසුගිය ගිම්හානයේදී සිය දියණිය සමග කැලෑබද ප්‍ර දේශයක පාපැදියක් පැදයන අයුරු ජායාරූපයට නැගී තිබූ අතර මෙවර මේ පා පැදියේ නැගී ඔහු පාපැදි පදිනු දැකගත හැකිවනු ඇතැයි විදෙස් ජනමාධ්‍ය කියයි.