අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලන (I.C.C) සම්මාන උළෙලේ වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට ලැබි ඇති බවත් හිටපු නායක මහේල ජයවර්ධනට ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සඳහා වූ සම්මානය ලැබි ඇති බව ඊයේ .ඛි.ඛි මාධ්‍ය වාර්තා මගින් නිවේදනය කරනු ලැබිය.
සම්මාන උළෙලේ ප්‍රධාන සම්මානයක් වූ වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය සංගක්කාරට ලැබිමේදී ඔහුගේ දක්ෂතා ලෙස ඇඟයීමට පාත්‍ර වී තිබුණේ වසරේ වැඩිම එක්දින ලකුණු 956ක් ලබා සාමාන්‍යයෙන් 63.73ක් වාර්තා කරමින් පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 169ක් ලබා ගැනීමය. සංගා ලැබූ ලකුණු 169 ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වීමද කැපී පෙනුණි.
මේ අතර මහේල ජයවර්ධනට පසුගිය නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී එක් ඉනිමක ශතකය පෙනි පෙනී ලකුණු 91ට දැවී ගිය මොහොතේදී කඩුලු රකින ක්‍රීඩකයාට දුන් උඩපන්දුවට ක්‍රීඩකයන් ඉල්ලීමක් කිරීමට ප්‍රථම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය පෙන්වමින් මහේල තමා දැවී ගිය බව තීරණය කරමින් ක්‍රීඩාගාරයට පැමිණීම නිසා ක්‍රිකට් ක්‍රිඩාවේ ජීවගුණය සඳහා වූ (Spirit of Cricket Award) සම්මානය දෙවන වරටත් මහේල සතු වීම කැපී පෙනුණි. මීට පෙර මහේල නායකත්වය දරන මොහොතේදී මෙම සම්මානයට පාත්‍ර වීම විශේෂ වේ. මේ අතර මෙම සම්මාන උළෙලේ වැදගත්ම සම්මාන දෙක සඳහා ඔස්ට්‍රේලියා නායක මයිකල් ක්ලාක් නම් වීම කැපී පෙනුණි. ඒ අනුව වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ද වසරේ ටෙස්ට් ක්‍රීඩක සම්මානයද ක්ලාක්ට ලැබි තිබුණි. ක්ලාක්ට මේ සම්මානය පිළිබඳව ආරංචිය ලැබෙන විට තමාගේ සියවන ටෙස්ට් තරගය ලෙස පර්ත් නුවරදී එංගලන්තයට එරෙහිව අළුබදුන ටෙස්ට් තරගාවලියේ යෙදී සිටීම කැපී පෙනේ. පසුගිය අගෝස්තුවලින් අවසන් වූ වසරක කාලය තුළ ක්ලාක් ටෙස්ට් ලකුණු 1559 ලබා තිබිම කැපී පෙනුණි.
මේ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පසුගිය වසරේ පැවැත්වූ කුමාර් සංගක්කාර මෙවර වසරේ එක්දින ක්‍රීඩකයා ලෙස පාත්‍ර වීමද විශේෂත්වයකි. වසරේ හොඳම විනිසුරු ලෙස මෙවර සම්මානයට පාත්‍ර වූයේ එංගලන්ත ජාතික රිචට් කෙට්ලබරෝය ඉන්දියානු නැගී එන ක්‍රීඩක චෙස්ටබාර් පුඡාරා වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානයට බඳුන් වූ අතර අයර්ලන්ත ක්‍රීඩක කෙවින් ඔබ්‍රයන් ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල් අතර ක්‍රීඩකයන්ගේ සම්මානය බඳුන් වීමත් තායිලන්තයේ සුසී බේට්ස් වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවගේ සම්මානය පාත්‍ර වීමත් වසරේ හොඳම ඕවර විස්සයි – 20 ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස එංගලන්තයේ සාරා ටේලර් ක්‍රීඩිකාව නම් වීමත් කැපී පෙනේ. ඕවර විස්සයි – 20 තරගාවලිවල දක්ෂතා අනුව හොඳම ක්‍රීඩක සම්මානය පාකිස්තානු වේග පන්දු යවන උමාර් ගුල්ට ලැබුණේ එම සම්මානයට බඳුන් වූ අජන්ත මෙන්ඩිස් අබිබවා යමින්ය.
source-rivira