අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මස 07 වැනිදාට පෙර නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යනු ලැබේ. පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැති මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හයලක්‍ෂයකට ආසන්න පිරිසක් පෙනී සිටියහ. විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කරන දිනයන්හි ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය මත ඇතැම් මධ්‍යස්‌ථානවල උත්තර පත්‍ර ඇගයීම් කල් දැමීමට ද සිදු වී තිබිණි. කෙසේ වුවද ලබන 07 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා ඊයේ (15 වැනිදා) තොරතුරු අනාවරණය කර ඇත.
Check Also
සිව්වැනි දිනය වැස්සට සේදෙයි
තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...
“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ
( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...