16.3 C
London
Thursday, June 19, 2025
spot_img

අනවශ්‍ය අතපෙවීම් නිසා ගැටුම සංකීර්ණ වෙලා

බල්ලගේ වැඬේ බූරුවා කරන්නට යාමෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර මෑතකදී ජාතික ක‍්‍රීඩා පනත අරබයා ඇතිවී තිබෙන මත ගැටුම සංකීර්ණ වීමට හේතුවී ඇතැයි ඔලිම්පික් නිවසේ අද (7 වැනිදා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීීය.

ඔලිම්පික් ක‍්‍රීඩා ප‍්‍රඥප්තියට පටහැණි යයි දක්වා තිබෙන ජාතික ක‍්‍රීඩා පනතේ 2013 අංක 1 දරන ජාතික ක‍්‍රීඩා සංගම් නියෝග සංශෝධන කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්නයට මැදිවී සිටින ජාතික ඔලිම්පික් කමිටුව හා ක‍්‍රීඩා අමාත්‍යාංශය යන දෙපාර්ශ්වයෙන් සමන්විත සය පුද්ගල විශේෂ කමිටුවක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ.

ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඔලිම්පික් කමිටුවේ අධ්‍යයන වැඩසටහන් අධ්‍යක්‍ෂ බී. එල්. එච්. පෙරේරා, එහි නීති උපදේශක ඩිල්ෂාන් ජයසූරිය, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනි ජයකොඩි, ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති වෛද්‍ය මයියා ගුණසේකර යන මහත්ම මහත්මීහු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

ඔලිම්පික් කමිටු නිවසේදී අද පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවට එහි ලේකම් මැක්ස්වෙල් ද සිල්වා, එහි උප සභාපතිවරුන් වන රොහාන් ප‍්‍රනාන්දු, දේවා හෙන්රි හා එහි භාණ්ඩාගාරික ගාමිණි ජයසිංහ යන මහත්වරු සහභාගී වූහ.

මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න රැුසකට පිළිතුරු දුන් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසූවේ වත්මන් අර්බුදය ඇතැම් පාර්ශ්ව හේමසිරි ප‍්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටුවේ දිගින් දිගටම රැඳී සිටීමට දරන උත්සාහයක් ලෙස පෙන්වීමට තැත් කළත් ජාතික ක‍්‍රීඩා පනත ඔලිම්පික් ක‍්‍රීඩා ප‍්‍රඥප්තිය හා නිවැරදි කිරීමෙන් පසු ඔහු ඔලිම්පික් කමිටුවෙන් ඉවත්ව යාමට ස්ථිර ලෙසම තීරණය කර ඇති බවයි.

”ජාතික ඔලිම්පික් කමිටුව රජයට තවදුරටත් බරක් වෙලා නෑ. ඔලිම්පික් කමිටුව පවත්වාගෙන යන්න අපිට රජයේ මුදල් අවශ්‍යත් නෑ”

”අපේ උත්සාහය වැරදි දේවල් නිවැරදි කරගෙන හෙට වුනත් පුළුවන්නම් නිලවරණය පවත්වන්නයි. නමුත් බල්ලාගෙ වැඬේ බූරුවා කරන්න ගිය වැඩෙන් තමයි අද මේ ප‍්‍රශ්නය නරක අතට හැරිලා තියෙන්නේ” යයිද මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

”සමහරු පෙන්වන්න හදන්නෙ මේ ප‍්‍රශ්නය හේමසිරි ප‍්‍රනාන්දු ඔලිම්පික් කමිටුවෙන් යන්න අකමැති නිසා හදපු එකක් කියලයි. නමුත් ඔලිම්පික් ක‍්‍රීඩා ප‍්‍රඥප්තියට පටහැනි ක‍්‍රීඩා පනත් වගන්ති ගැන මේ දේවල් අපි කතා කළේ මීට බොහෝ කලකට පෙර ඉඳලමයි” යයිද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති හා එහි මුදල් උප කමිටුවේ සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල් විගණනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප‍්‍රශ්නයක් උද්ගතවී නොමැති බවය.

ජාතික ඔලිම්පික් කමිටුවේ වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂයකට ආසන්න වන බව පැවසූ ඔහු දේශීය ආදායම් අතර චීන අවන්හලෙන් රුපියල් ලක්ෂ 33ක් හා කායවර්ධන මධ්‍යස්ථානයෙන් ලක්ෂ 38 ක මාසික ආදායමක් කමිටුවට ලැබෙන බවද පැවසීය.

ඔලිම්පික් පදක්කම්ලාභිනියක වන, හිටපු ක‍්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ, ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් නගා තිබෙන චෝදනා ගැන මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් ඔහු ඔලිම්පික් කමිටුවෙන් සුසන්තිකාට තේ දීමට නොහැකි වුණත් ඔලිම්පික් පදක්කම දිනාගැනීමෙන් පසු ඇයට මෙරට මුදලින් ලක්ෂ 18 කට වැඩි දිරිගැන්වීමේ දීමනා ලබාදී ඇතැයි පැවසීය. මේ අතර ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේ මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡ කිරීම සඳහා ජාතික ක‍්‍රීඩා සංගම් 20 ක් ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැුස්වීමක් ඉල්ලා සිටියත් ඊට පදනමක් නොමැති බවය.

ලූසාන් නුවරදී දෙපාර්ශ්වය ගත් තීරණ ඇතුළත් සවිස්තරාත්මක ලිපියක් එම සියලූ ජාතික ක‍්‍රීඩා සංගම් වෙත යොමු කිරීමෙන් පසුව ඒ ගැන සාකච්ඡුා කිරීමට විශේෂ මහ සභා රැුස්වීමක් ඉල්ලා සිටීමේ පදනමක් නැතැයි ද ඔහු පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු වන ඇමැති ඩිලාන් පෙරේරා මහතා මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වෙනස් අදහස් දැක්වීම පිළිබඳවද මාධ්‍යවේදීහු ප‍්‍රශ්න කර සිටියහ.

ඊට පිළිතුරු දුන් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඔහුගේ අදහස් ජාතික ඔලිම්පික් කමිටුවට හානිකර නොවන බවත් ක‍්‍රීඩා පනත වෙනස් විය යුතු බවට මුල සිටම හඬ නගන අයෙකු බවට ඔහු පත්ව සිටීම සතුටට කරුණක් බවත් පැවසීය.

එළඹෙන ලූසෆෝනියා ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේදී ඔලිම්පික් කමිටු ලේකම්වරයා අතපසු කිරීම් කීපයක්ම කර ඇතැයි ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය චෝදනා කර ඇතැයි මාධ්‍යවේදීහු එහිදී පැවසූහ.

ඊට පිළිතුරු දුන් සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් මේ දක්වා ඔලිම්පික් කමිටුව කටයුතු කළේ ක‍්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කරමින් බවත් එම ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 65 ක කණ්ඩායමක් සහභාගි කිරීමට කමිටුව සූදානමින් සිටින බවත් පැවසීය.

lankadeepa

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles