11.9 C
London
Tuesday, December 9, 2025
spot_img

මාළිගා සංවාද එපා

ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය වඩාත් විනිවිධභාවයෙන් සිදුකළ යුතු බව ජාතික හෙළ උරුමය අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ ඊට අදාල පනත් කෙටුම්පත් පිළිබඳ ප්‍රමාණවත් සාකච්ඡවකට කාලය ලබා දිය යුතු බවයි. එය හදිසි පනතක් ලෙස ගෙන ඒමට හෝ සම්මත කර ගැනීමට කටයුතු නොකල යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙනවා. මාලිගා කුමන්ත්‍රරණ හෝ රහසිගත සාකච්ඡුා තුළ හෝ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සිදු නොවිය යුතු බවයි ජාතික හෙළ උරුමයේ අදහස වන්නේ.

ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය කුමන ආකාරයකින් ක්‍රියාත්මක වන්නේද යන්න ජනතාව දැනගත යුතු බවද ජාතික හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පසුගිය දිනවල ආණ්ඩුවට අවධාරණය කර සිටියේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙන එන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වලට එළඹෙන බවයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles