උතුරේ යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති ඕමන්තේ මුරපොළ සඳුදා සවස සිට නිදහසේ ගමන් බිමන් යන තැනක් බවට පත් කර ඇත.
රජයේ උපදෙස් අනුව උතුරට යන වාහන හෝ උතුරෙන් එන වාහන හෝ පරීක්ෂා නොකෙරේ. එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති යකඩ වැනි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරේ.
යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑම ඒ කාලයේ ප්‍රශ්නයක් වූ බව බොහෝ දෙනක් කීහ.
වාහන ලියාපදිංචිය වැනි වෙනදා සිදු කෙරෙන පරීක්ෂණ කිසිවක් දැන් නොකෙරෙන බව එහි නිලධරයෝ කියති. වෙනදා නිලධරයන් රැඳී සිටි එම ස්ථාන අද පාළුවට ගොසිනි.
