“One Million Tree Stories“ ව්‍යාපෘතිය දියත් වේ.

0
147

2014 / 2015 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළදු දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවියගේ සහභාගීත්වයෙන් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී “One Million Tree Stories“ ව්‍යාපෘතිය දියත් කිරීම සිදුවිය.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, රොටරි ශ්‍රී ලංකා සහ හැටන් නැෂනල් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වන අතර, ශ්‍රී ලංකාව තුළ ගස් මිලියන එකක් රෝපණය කිරීම, ගස් ආරක්ෂා කිරීමට ජනතාව පෙළඹවීම සඳහා මිනිසුන් හා ගස් අතර භාවාත්මක සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ආපසු ලංකාවෙන් පිටව යාමට ගුවන් තොටුපොළට පැමිණි විට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් ලැබූ සතුට වෙනුවෙන් සිහිවටනයක් තබා යාමක් ලෙස ශ්‍රී ලංකාව තුළ එක ගසක් සිටුවීමට ඩොලර් 1ක මුදලක් ලබාදීමට අවස්ථාව ලබාදීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වෙයි.