Wednesday , 22 January 2025

ලොකු ලූනු ප්‍රමිතියෙන් තොර ගබඩාකිරීමක්.

-නිසි ප්‍රමිති‍යකින් තොරව ගබඩා නොකිරීම නිසා අප්‍රේල් මාසය දක්වා රටේ ජනතාව පරිභෝජනය කිරීමට තිබූ විශාල ලූනු ප්‍රමාණයක් මෙසේ විනාශ වී යන බව ආරංචි මාර්ග සදහන් කරයි.මෙසේ විනාශ වනුයේ ලංකා සතොස මඟින් ගොවීන්ගෙන් කිලෝවක් රු: 90/= බැගින් ලබාගත් ලොකුලූනු ය. අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්ක තුනේ ගොවීන් ළඟ තිබූ ලොකු ලූනු කිලෝ ලක්ෂ 45 කට අධික ප්‍රමාණයක් ලංකා සතොස මගින් පසුගිය දින වල මිලදී ගෙන ඇත.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මිලදී ගත් ලොකුලූනු කිලෝ ලක්ෂ 3 ½ පමණ බකමූණ, ඇළහැර ප්‍රදේශයේ ගබඩා තුනක විනාශ වෙමින් පවතින බව ඇලහැර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රභාත් හිදුරංගල මහතා පවසයි. එම ගබඩා තුනම ඇතුළුවීමට නොහැකිවන සේ වසාදමා තිබෙන අතර ඒවා‍යේ ඇතුළත ඇති ලොකුලූනු කුණුවී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බව ප්‍රදේශවාසීහු ද පෙන්වා දෙති.

Check Also

අවුල් අස්සේ – හිරුණිකාට මඟුල්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) යුග දිවියට ඇතුළත් වීමට නියමිත බව ...

සන්ධානය දෙදරයි – ශ්‍රිලනිපය ඉවත් වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ...