‘පැසිෆික් සාගරයේ අද්භූත මිනිසා’ ගොඩබිමට

වසරකට වැඩි කාලයක් මුහුදේ අතරමංව දිවි ගෙවූ ජෝස් සල්වාදෝර් අල්බානියාගා අද මජූර් දූපතේ බලධාරීන් විසින් බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් තිබේ. මෙක්සිකෝවේ පදිංචිව සිටි ධීවරයෙකු වන ජෝස් 2012 දෙසැම්බර් 21 වැනිදා වයස අවුරුදු 15 හා 18 වයස්වල පසුවෙන තරුණ ධීවරයින් දෙදෙනෙකු ද සමඟින් මුහුදු ගොස් ඇත.

යාත‍්‍රාව දියත් කර කෙටි වේලාවක් ගත වන විට ඔවුන්ගේ යාත‍්‍රාවේ එන්ජිම එක්වර අකි‍්‍රය වී තිබේ. එ් මොහොතේ අවට වෙනත් ධීවර යාත‍්‍රාවක් තිබී නොමැති අතර ඔවුන්ගේ යාත‍්‍රාව ක‍්‍රමයෙන් ගැඹුරු මුහුද දෙසට පාවුණු බව අද ගොඩබිමට පැමිණි ජෝස් පැවසීය. දිනෙන් දින ගෙවී යන විට තද හිරු රැුසින් අපහසුවට පත් වූ තරුණයින් දෙදෙනා සෙමෙන් මරණයට ආසන්න වන බව ජෝස්ට දැනිණි.
ආහාරයට ගැනීමට හෝ පානය කිරීමට තිබූ දේවල් ද අවසන් වී යන විටත් ඔහු කිසිදු ධීවර යාත‍්‍රාවක්වත වෙනත් යාත‍්‍රාවක්වත් දැක නොතිබිණි. මුහුදට අත දමා කැස්බෑවන් අල්ලා ගත් ජෝස් උන්ව මරා ආහාරයට ගත් අතර උන්ගේ ලේ බීමට ගත්තේය. යාත‍්‍රාව ආසන්නයටම එන අහසේ පියාඹා යන කුරුල්ලන් ද ජෝස් සිය දෑත්වලින්ම අල්ලා ගත් අතර උන්ගේ ලේ බීමටත් මස් කෑමටත් ගත්තේය. අමුවෙන් ආහාරය ගත් හෙතෙම තමාගේම මුත‍්‍රා පානය කිරීමටත් විටෙක නොපැකිලිණි. මාස 14ක කාලයක් මුහුදේ රැඳී සිටි ඔහුව යම් යම් අවස්ථාවල වෙනත් ධීවරයින් හා නාවිකයින් දැක තිබිණි.
එහෙත් පාවී යන යාත‍්‍රාවේ සැබෑවටම මිනිසෙකු සිටී ද යන්න ඔවුන්ට වටහා ගත නොහැකි වූ අතර ඔහුව බේරාගැනීමටත් ඔවුන්ට අවස්ථාවක් නොතිබිණි. ‘පැසිෆික් සාගරයේ අද්භූත මිනිසා’ යන නාමය ඔහුට ලැබුණේ එ් අනුවය.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...