Wednesday , 22 January 2025

පකිස්තානයේ ගැබිනියකට ගල්ගසා මරා දැමූ හැටි

පාකිස්තානයේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී පවුලේ සාමාජිකයන් විසින් ගැබිණි කාන්තාවකට පහර දී මරා දමා තිබෙන විදෙස් මාධ්‍යය වාර්තා කොට තිබේ. එම කාන්තාව මරා දමා ඇත්තේ පවුලේ අවසරයකින් තොරව විවාහයක් කරගත් බවට චෝදනා කරමිනි.

පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවලට සිය කැමැත්ත අනුව ස්වාමිපුරුෂයෙකු තෝරාගැනීම සංස්කෘතියට එරෙහිව යාමක් ලෙස සලකනු ලබයි.

නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගිය කාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි. එම කාන්තාව මරා දැමීමෙන් පසු ඇගේ පියා පමණක් එම ස්ථානයේ සිටියදී අනෙක් සියලු පිරිස් එම ස්ථානයෙන් පලාගොස් ඇත.

එම අවස්ථාවේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.

pakistan--2 pakistan-3 pakistan-4 pakistan-5

pak

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...