තලෙයිබාන් කැරලිකරුවන් විසින් පේෂාවර් ප්‍රදේශයේ පාසලක සිසුන් ඇතුළු පුද්ගලයින් 148 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියෙන් අනතුරුව පකිස්ථාන රජය විසින් ත්‍රස්තවාදින්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට තීරණය කළේය.
ඒ අනුව ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රීයේ එල්ලා මරා දමා තිබේ.
ඒ අනුව පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.