13.5 C
London
Friday, April 25, 2025
spot_img

“මේ මරණයට හේතුව මගේ නැන්දම්මා “

‘මගේ බිරිඳගේ මවත්, බිරිඳගේ සහෝදරයනුත්, ඔවුන්ගේ බිරින්දෑවරුනුත් මගේ මරණයට වගකිව යුතුයි’ කරන ලද ගනුදෙනුවලින් අතුල අත ඇති ලක්‍ෂ 27 ක මුදල දුවගේ නමට බැංකුගත කරන්න” යෑයි ලිපියක්‌ ලියා 21 දා දහවල් පානදුර දුම්රිය නැවතුම්පළට නුදුරු දුම්රිය මාර්ගයේදී ධාවනය වූ දුම්රියට පැන සිය දිවි නසාගත් එක්‌දරු පියකු ගැන පානදුර පොලිසියෙන් වාර්තා වේ.

මියගොස්‌ ඇත්තේ පානදුර අළුබෝමුල්ලේ පදිංචි 45 වියෑති එක්‌දරු පියෙකි. ඔහු පෞද්ගලික රෝහලක මුදල් අංශයේ රැකියාවක නිරතවූවකි.

මළ සිරුරේ කලිසම් සාක්‌කුවක තිබී ලිපියක්‌, ජංගම දුරකථනයක්‌ සොයාගෙන තිබේ. ඔහු එම ස්‌ථානයට පැමිණි යතුරු පැදියද අසල තිබී හමුවී ඇත. මියගිය පුද්ගලයා හඳුනාගත් බවත් බිරිඳ සහ තවත් කිහිප දෙදෙනකුගෙන් ලද ප්‍රකාශ මත මෙය පවුල් ආරවුලක්‌ මත සිත් වේදනාවෙන් සිදුකරගත් සිය දිවි හානිකර ගැනීමක්‌ බව තහවුරු වන බවද පොලිසිය පවසයි.

පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දසනායක මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා මෙය හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක්‌ බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත.

මරණ පරීක්‍ෂණය පැවැත්වූ පානදුර හදිසි මරණ පරීක්‍ෂක එල්. එන්. කුරුප්පු මහතා මෙය දුම්රියට පැන සිදුකරගත් සිය දිවි හානිකර ගැනීමක්‌ බව තීන්දු කළේය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles