ප්‍රංශයේ ලෝක ශූරයන් දෙදෙනෙකු අතර සුහද මුහුණට මුහුණ ගැටුමක් පසුගියදා ප්‍රංශයේ ලා ඩවුඩ්ලෝප් වෙරළ තීරයේදී පැවැත්විණි. ඒ හතලිස් හැවිරිදි පැරාමෝටර් ලෝක ශූර පැස්කල් වැලී සහ 22 හැවිරිදි ජෙට් ස්කී ලෝක ශූර වැලන්ටින් ඩාඩිලට් අතර ය.
පැරා මෝටර් යනු බැටරි බලයෙන් ක්‍රියාත්මක වන සුළං පෙති හයක් මගින් ගුවනේ පියාසර කළ හැකි කුඩා ප්‍රමාණයේ යාත්‍රාවකි. වෙරළාශ්‍රිතව පැවැත්වෙන ක්‍රීඩා තරග සදහා පැරා මෝටර් භාවිත කරයි. සාමාන්‍යෙයන් මුහුදු මට්ටමේ සිට අඩි දහයක් පමණ උසින් ධාවනය කළ හැකි මෙම කුඩා ගුවන් යාත්‍රාව බටහිර රටවල ජනප්‍රිය මුහුදු ගුවන් යානයක් ලෙස හැදින්විය හැකිය.
ජෙට් ස්කී යනු අධික වේගයෙන් ජලය මතුපිට ගමන් කළ හැකි මෝටරයක බලයෙන් ක්‍රියාත්මක වන යාත්‍රාවකි. ජල මතුපිටින් ඉහළට අඩි හතරක් දක්වා ගමන් කිරීමේ හැකියාව ද එයට තිබේ. මෝටරය සමග ඇති විද්‍යුත් සැපයුම අක්‍රීය කළ විට මුහුදු රළ බලයෙන් ඉදිරියට ඇදී යන්නට එයට හැකිවේ.
ලෝක ශූර සුහද තරගයේදී සැතපුම් හතලිහක දුරක් පැයක් ඇතුළත ධාවනය කර අවසන් කළ ලෝක ශූරයන්, සිය සුහදතාව වර්ධනය කර ගනිමින් නැවත වරක් ලා ඩවුඩ්ලෝප් වෙරළ තීරයට ළගා විය.
Dulanjalee Muthuwadige