වත්මන් පාර්ලිමේන්තුව ලබන මස (අප්‍රේල්) 25 වැනිදා විසුරුවා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනෙකුත් දේශපාලන පක්‍ෂ වෙත ප්‍රකාශ කර පවසා ඇත. එදිනට පාර්ලිමේන්තුව විසුරුවා අනතුරුව ජුනි මාසයේ මහා මැතිවරණය පවත්වන බවද පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවලදී අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන තෙක් බලා සිටීමට නොහැකි බවත් ප්‍රථමයෙන් මහා මැතිවරණයකට ගොස් පසුව මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වා දිය හැකි බවද ඒ මහතා පැවසූ බව දේශපාලන පක්‍ෂ නායකයකයින් පවසයි.
