විදේශ ගමන් බලපත්‍රය මාස 3කට අත්හිටුවයි

0
100

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් මහින්දානන්ද අලූත්ගමගේ මහතාට විරුද්ධව එල්ල වී ඇති වත්කම් සම්බන්ධ පැමිණිලිවල මූලික විමර්ශන කටයුතු සහ චෝදනා විභාග කර අවසන් වන තුරු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මාස 3 කට අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර ඇත. එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇති අතර මෙම පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු අවසන් වනතෙක්‌ අලුත්ගමගේ මහතාට රටින් බැහැර වීම තහනම් කටයුත්තක් බව අවධාරණය කරනු ලබයි.