12.6 C
London
Thursday, May 15, 2025
spot_img

Fast and the Furious නළු Paul Walker රිය අනතුරකින් මරුට

“The Fast and the Furious” චිත්‍රපට මාලාව හරහා ලොව පුරා රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වූ හොලිවුඩ් නළු Paul Walker (පෝල වෝකර්) මීට පැය කිහිපයකට ප්‍රථම දරණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. පෝල් සහ ඔහුගේ මිතුරකු ගමනගත් Porsche වර්ගයේ මෝටර් රථය, වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් ගිනිගෙන පුපුරාගොස් තිබෙනවා.

UPDATE: මෙම අනතුර සිදුවී ඇත්තේ පෝල්ගේ මිතුරෙකුගේ මෝටර් රථයක් තුල වන අතර මෙම අනතුරින් මෝටර් රථය ධාවනය කළ එම මිතුරාද ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර සිදුවනවිට පෝල්, අසරණයින්ට පිහිට වීම සඳහා පිහිටවූ ඔහුගේ Reach Out Worldwide නම් ආයතනයේ කටයුත්තක් සඳහා යමින් සිට ඇත.

මිය යන විට 40 වන වියෙහි පසුවූ පෝල්, ජනප්‍රිය චිත්‍රපට විශාල ගණනකට රංඟනයෙන් දායක වී ඇති අතර Touched by an Angel වැනි ටෙලි නාට්‍යමාලා ගණනාවක් සඳහා ද රංඟනයෙන් සිය දායකතුවය සපයා ඇත.

1477908_597469806969453_262797197_n

cinema.lk

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles