16 C
London
Thursday, November 13, 2025
spot_img

අල්ලපු කුඩු වලින් සල්ලි සෙවු කොස්තාපල්

අත්අඩංගුවට ගන්නා හෙරොයින් කුඩුකාරයින් ලවා විකුණා මුදල් ලබාගත් බව කියන ‍පොලිස් කොස්තාපල්වරයකු විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ ඒකකයේ සේවය කරන (78960) දරන සංජීව ප්‍රේමරත්න යන කොස්තාපල්වරයාය.

ගණේමුල්ල, ගලහිටියාව ප්‍රදේශයේ තරුණයකු සහ මවක් විශේෂ කාර්ය බළකාය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ හෙරොයින් පැකට් 120ක් තිබි ඇත. මෙම හෙරොයින් ලබා දෙන්නේ කවුරුන්දැයි විමසූ විට එම තරුණයා පවසා ඇත්තේ මෙය ‍පොලිසියේ අයකු විසින් ලබාදෙන බවයි.

විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ උපදෙස් මත මෙම තරුණයා එම කොස්තාපල්වරයාට දුරකථන ඇමතුමක් ගෙන “තමා සන්තකයේ තිබූ හෙරොයින් අලෙවි කළ බවත් අදාළ මුදල් තිබෙන බවත් පවසා ඇත.

පසුව කොස්තාපල්වරයා පවසා ඇත්තේ ඔහු සේවය කරන පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි දිසා අපරාධ ඒකකය ඉදිරිපිටට එන ලෙසයි. අදාළ නිලධාරීන් තරුණයා සමග ගියත් ඔහු එහි සිට නැත. පසුව කොස්තාපල්වරයා පවසා ඇත්තේ තමන් කොළඹ කොටුවට ගොස් එන නිසා මගට පැමිණ හමුවන ලෙසයි.

විශේෂ කාර්ය බළකා නිලධාරියකු සමග ත්‍රිරෝද රථයක නැග තරුණයාත් මවත් අදාළ ‍පොලිස් නිලධාරියා පැමිණෙන ස්ථානයට ගොස් ඇත. එහිදී මුදල් ගනිද්දී ‍පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කළ විමසීමේදී වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා හෙරොයින් මෙලෙස විකුණන බව අදාළ කොස්තාපල්වරයා ප්‍රකාශ කළ බව ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අදාළ තරුණයා පවසා ඇත්තේ තමන්ගේ නිවසේ තිබි හෙරොයින් අත්ඩංගුවට ගත් අවස්ථාවේ මෙම කොස්තාපල්වරයා හෙරොයින් ප්‍රමාණය අඩුවෙන් අධිකරණයට සඳහන් කර තමා බේරාගෙන පසුව එම හෙරොයින් ප්‍රමාණයම ඔහු හරහා විකිණූ බවය. ඒ අනුව මේ වන විට තමන් හෙරොයින් පැකට් 155ක් විකුණා ඇති බවද ඔහු ‍පොලිසියට පවසා ඇත.

මේ වන විට සැකකරුවන් රැඳවුම් භාරයේ තබා ගනිමින් ප්‍රශ්න කරමින් සිටී.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles