22.6 C
London
Thursday, June 19, 2025
spot_img

ප්‍රේමයට දිවි දුන් සරසවි දියණියක්

පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලැබු සිසුවියක් යාපනය, පලෙයි ප්‍රදේශයේ සිය නිවස තුළ ගෙළවැළලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ප්‍රේම සම්බන්ධයක් මත ඇති වු සිත් තැවුලක් ඊට හේතු වන්නට ඇති බව සඳහන්.

පලෙයි පොලිසිය පැවසුවේ 24 හැවිරිදි පානුශා ශිව ප්‍රකාස් නමැති පේරාදෙණිය සරසවියේ පශූ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යාපනය ලැබූ තරුණියක් එලෙස  නිවස තුළදි සාරියකින් ගෙළ වැළලාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිසුවිය සරසවියේ සිට නිවසට පැමිණීමෙන් අනතුරුව දැඩි සිත් තැවුලෙන් සිටි බව දැරියගේ දෙමාපියන් පවසා ඇත.

සිසුවිය පලෙයි ප්‍රදේශයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර, තරුණයා, තරුණියගේ  සරසවි අධ්‍යාපනයට දැඩි ලෙස විරුද්ධ වී තිබේ.

තරුණයාගේ බලපෑම  මත තරුණිය මීට මාස කිහිපයකට පෙර සරසවි අධ්‍යාපනය නවතා නිවස වෙත පැමිණ සිට ඇති බවද පොලිස් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles