-පාසල් සිසුවියකට සිය රහස් ප්‍රදේශ පෙන්වූ බව කියන ගුරුවරයකු අල්ල ගස් බැඳ පොලිසියට බාරදී තිබෙනවා.
දඹුල්ල පොලිසිය පැවසුවේ ඊයේ (16) පස්වරුවේ දඹුල්ල 40 කණුව ප්‍රදේශයේදි මෙම සිදුවීම සිදුවූ බවයි.
සැකකරු යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගැවසෙන ස්ථාන වලට ගොස් මෙවැනි ක්‍රියා සිදු කරන බවට අවට ගම්මාන වල ජනතාවද පොලීසියට පවසා තිබෙනවා.
සැකකාර ගුරුවරයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අසැබි වීඩියෝ දර්ශන සීයකට අධික ප්‍රමාණයක් මෙන්ම පාසල් සිසුවියන්ගේ පින්තුර තිබු බව පොලිසිය පවසනවා.
සැකකරු අද (17) දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දඹුල්ල පොලිසිය පැවසුවේ.