Thursday , 22 February 2024

කුලියාපිටියේ පන්සලක් අසලදී කඩුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

-කුලියාපිටිය, ඇපලාදෙණිය ප්‍රදේශයේදී කඩුවකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.30ට පමණ අදාළ ඝාතනය සිදුව ඇති බව ය.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුලියාපිටිය, වැලිආරවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

පෞද්ගලික ආරවුලක් විසඳීමට යාමේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

ඊට අදාළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව ත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ත් පොලීසිය සඳහන් කළේ ය.

Check Also

චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි?

මෛත්‍රීපාල සිරිසේන ජනපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපති අතර ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක් ...

සුසිල්ගේ ගේම මහින්ද හෙළිකරයි

මෛත්‍රීට ඇටෑක් කරන එක වහාම නවත්තන්න. මම මිනිහව හැන්ඩ්ල් කරන්නම්. මේ කරපු වැඩේ සම්පූර්ණ ගෞරවය ...