-මාරාන්තික ප්‍රතිඵල අත්වන ඖෂධ වර්ග හැත්තෑවක් පමණ වෙළෙඳපොළෙන් ඉවත් කළ යුතු බවට ඔක්‌ස්‌පර්ඩ් සරසවිය විසින් නිර්දේශ කළ ද වසර ගණනාවක සිට ලංකාව ඇතුළුව ආසියානු සහ අප්‍රිකානු රටවලට බහු ජාතික සමාගම් විසින් සපයමින් සිටින බව අනාවරණය කර ඇත. මෙම ඖෂධ වර්ගවල නාමලේඛනය අන්තර්ජාලය ඔස්‌සේ ප්‍රසිද්ධ කර අැත.
ඔක්‌ස්‌පර්ඩ් සරසවිය විසින් කළ පරීක්‍ෂණයකදී ඖෂධ වර්ග 400 කට අධික ප්‍රමාණයක් වෙළෙඳපොළෙන් ඉවත් කළ යුතු බවට නිර්දේශ කර ඇත. එහෙත් ආසියානු සහ අප්‍රිකානු වෙළෙඳපොළෙන් මෙතෙක් කලක් ඉවත්කර ඇත්තේ ඖෂධ වර්ග 108 ක් පමණි. ඉවත්කළ යුතු ඖෂධ වර්ග 292 ක් මේ අනුව බහුජාතික සමාගම් විසින් තවමත් වෙළෙඳපොළට නිකුත් කරමින් තිබෙන බව ද ආරංචි මාර්ග සදහන් කරයි. ඒම ඖෂධ වර්ග අතරින් මාරක ප්‍රතිඵල ලබා දෙන ඖෂධ වර්ග අනූපහක් ඇතැයි ද ඉන් ඉවත්කර තිබෙන්නේ ඖෂධ වර්ග විසිපහක පමණ ප්‍රමාණයක් යෑයි අනාවරණය වන බවද විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.