14.9 C
London
Friday, April 25, 2025
spot_img

දුවලා! දුවලා!! දුවලා ගිහින් ළඟම ඇති ෆාමසියෙන් මේ බෙහෙත…. ලෙඩේ හොඳ වෙන්න බෙහෙත් බොන හරි විදිය

කන – බොන තරමටම බෙහෙත් බොන පිරිසකුත් අප අතර ඉන්නවා. දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්ට ආහාර පාන වගේම දිවි ඇති තුරා බෙහෙත් බොන්නත් සිදු වෙනවා.

ජීවිත කාලය පුරාම එකම එක පැරසිටමෝල් පෙත්තක් වත් නොබීපු වාසනාවන්තයන් ද අප අතර නැතුවා නොවේ.

සාමාන්‍ය කැස්ස සෙම්ප්‍රතිශ්‍යා උණට ඉඟුරු කොත්තමල්ලි තම්බාගෙන බොන්න හුරු පුරුදු වෙලා හිටිය අපි අද යාන්තම් කිවිසුමක් දෙකක් යනකොටම විමින් සී පෙත්තක්, පැරසිටමෝල් පෙති දෙකක් කටේ දාගන්න පුරුදු වෙලා ඉන්නව.

යාන්තම් බඩ වේළෙනවා නම් බඩ බුරුල් වෙලා යන්න ඩැල්කො‍ලැක්ස් බොනවා. ඇඟට පණ නෑ කියලා හිතෙනවා නම් ශක්තිජනක පාන වර්ග බොනවා. ඇටකටු දිරයි කියලා හිතුමතේට කැල්සියම් පෙති, කැල්සියම් අඩංගු යැයි කියන පිටි වර්ග බොනවා.

ලෙඩ හොඳ වෙන්න බෙහෙත් ගත යුතු බව හැබැයි. එහෙත් අනවශ්‍ය තරමට බෙහෙත් ගැනීම අතුරු ආබාධ බොහොමයකට හේතු වන බව ඔබ දන්නවාද?

කැස්ස හෙම්බිරිස්සාවටත් ප්‍රතිජීවක ඖෂධ ගන්නට අද ජනතාව හුරු පුරුදු වී සිටිනවා. අත්‍යවශ්‍යම රෝගයකට හැර ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම කිසිසේත් සුදුසු වන්නේ නෑ. වෛද්‍යවරයකුගේ උපදෙස්වලින් තොරව හිතූ මතයට ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමත් ඉතාම අහිතකරයි.

ඖෂධ භාවිතයේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ බොහෝ රෝගීන් තුළ අවබෝධයක් නෑ. මේ අනවබෝධය හෝ නොදැනුවත්කම නිසා වෛද්‍යවරයා කොතරම් හොඳ ඖෂධයක් නියම කළත් එහි නියම ප්‍රතිඵල අත් නොවන්නට පුළුවන්.

කිසියම් රෝගයකින් සුවය ලබන්නට නම් පළමුව ඔබ යා යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත. නො එසේ නම් රජයේ රෝහලක් වෙත. එහිදී වෛද්‍යවරයා විසින් ඔබට ලබා දෙන ඖෂධ වට්ටෝරුවේ ඇති බෙහෙත් මිලදී ගැනීමට ඔබ යා යුත්තේ ඖෂධ නිසි පරිදි ගබඩා කරන ලද ඔසුසලකට.

අද ඕනෑම දුර බැහැර ගම්මානයක වුණත් බෙහෙත් අලෙවිසල් තිබෙනවා. හැම හන්දියකම නගරයකම තිබෙන මේ ඔසුසල් ඖෂධ ගබඩා කළ යුතු නියමිත ප්‍රමිතීන්ට අනුව පවත්වා ගෙන යන ඔසුසල් දැයි ඔබ නිකමටවත් සොයා බලනවාද?

ඕනෑම බෙහෙත් වර්ගයකින් නිසි ඵල ලබන්නට නම් එය නිෂ්පාදනය කළ අවස්ථාවේ පටන් රෝගියා එය භාවිතා කරන මොහොත දක්වාම නිෂ්පාදන සමාගම විසින් නිර්දේශ කරනු ලබන උෂ්ණත්වය සහිත පරිසරයක ගබඩා කළ යුතුය. සාමාන්‍යයෙන් බොන බෙහෙත් හා පෙති වර්ග ඇතුළු සෑම ඖෂධයක්ම සෙන්ටිග්‍රේඩ් අංශක විසිපහකට අඩු උෂ්ණත්වයක් සහිත ස්ථානයක ගබඩා කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමෙරිකා ඖෂධ නිෂ්පාදන අධිකාරිය ඇතුළු ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ අන්තර්ජාතිකව පිළිගත් ආයතන මඟින් නිර්දේශ කර තිබෙනවා.

ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටි ග්‍රේඩ් අංශක 28 – 32 පමණ වෙනවා. නුවරඑළිය බණ්ඩාරවෙල වගේ ප්‍රදේශවල හැරෙන්නට සෙන්ටි ග්‍රේඩ් අංශක 25ට අඩු උෂ්ණත්වයක් සහිත ප්‍රදේශ අපේ රටේ බහුල නෑ. එහෙයින් ඖෂධ ගබඩා කිරීමේ දී අනිවාර්යයෙන්ම ඒවා ගබඩා කළ යුත්තේ වායුසමනය කරන ලද ගබඩාවල. අපේ රටේ හන්දියක් ගාණේ ඇරලා තිබෙන බෙහෙත් සාප්පු කීයෙන් කීයක් වායුසමනය කරලා තිබෙනවා ද?

ඔබ බෙහෙත් ගන්නා බෙ‍ෙහත් සාප්පුව වායුසමනය කළ එකක්දැයි ඔබ බෙහෙත් ගන්නට පෙර සොයා බලනවාද? විදුලිය බලය නැති දුෂ්කර ගම්මානවල නම් වායුසමනය කිරීමේ පහසුකම් නැහැයි කියන්නට පුළුවන්. ඒත් නගරබද ප්‍රදේශවල හන්දියක් ගාණේ ඉදිකර ඇති බෙහෙත් සාප්පු බොහොමයක් වායුසමනය කර නෑ.

බෙහෙත් තුණ්ඩුවක් අරන් හදිසියේ දිව යන ඔබ බොහෝ විට කරන්නේ මේ කිසිවක් සොයා බලන්නෙ නැතිව ළඟම තිබෙන ෆාමසියෙන් බෙහෙත් ටික මිලදී ගැනීමයි.

වායුසමනය කළ ලොකු බෙහෙත් සාප්පුවල අලෙවි කරන බෙහෙත් මිලෙන් අධික යයි ඔබ සිතනවා ඇති. අපේ රටේ බෙහෙත්වලට පාලන මිලක් නැතිවීමෙන් විවිධ බෙහෙත් ශාලාවල එකම බෙහෙත් වර්ගය විවිධ වෙළෙඳ නාම යටතේ විවිධාකාර මිල ගණන්වලට අලෙවි කිරීම ජනතාවට විශාල ප්‍රශ්නයක්. ඉදිරියේ දී බලගැන්වීමට අපේක්ෂිත ඖෂධ පනත මඟින් ඖෂධ සඳහා පාලන මිලක් මෙන්ම නියමිත ප්‍රමිතියට අනුකූල නොවන පරිදි නිපදවන ඖෂධ අලෙවිය සඳහා අවසර නොදීමට ද සෞඛ්‍ය බලධාරීන් සැලසුම් කරනවා. වායුසමනය නොකළ කුඩා බෙහෙත් සැල්වලත්, සුපිරි වෙළෙඳසල්වල ඇති ඔසුසල්වලත් අලෙවි කරන ඖෂධවල මිලෙහි විශාල පරතරයක් නෑ. නිසි ප්‍රමිතියකින් යුතු හොඳ බෙහෙත් ලබා ගැනීම, මිලෙන් අඩු තත්ත්වයෙන් බාල බෙහෙත් මිලදී ගන්නවාට වඩා ඵලදායකයි.

බෙහෙත් මිලදී ගැනීමේදී එම ඖෂධ නිෂ්පාදිත දිනය වගේම කල් ඉකුත් වන දිනයත් බලන්නට අමතක කරන්න එපා. කල් ඉකුත් වන දිනය පසුවූ බෙහෙත් පාවිච්චියෙන් කිසි ඵලක් වෙන්නේ නෑ. බෙහෙත් මිලදී ගන්නා විට කල් ඉකුත් වන දිනයට ආසන්න වූ බෙහෙත් මිලදී ගැනී

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles