22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

පිටිදුවේ සිරිධම්ම හිමිගේ වීඩියෝව

සංජය දසනායක |Maubima

පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමියන් තමන් මාර්ගඵල ලබා සිටිනු අයකු බව මාධ්‍යයට පැවැසුවේ තමන්ට අතිමහත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට බව ඒ හිමියන්ම පවසන වීඩියෝවක් නිකුත් වී තිබේ.

පසුගිය දිනක සිරි සමන්තබද්‍ර හිමියන් ධර්ම දේශනයක් අවසානයේ තමන් සමඟ සිටි ශ්‍රාවක පිරිසකට මේ බව පවසන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති අතර එහිදී සමන්තභද්‍ර හිමියන් පවසන්නේ මීට කලකට පෙර රිටිගල වනයේදී තමන් සිවුරු රහිතව ගත් ඡායාරූප සහිත පෝස්ටර් තමන් විසින්ම අලවා ප්‍රසිද්ධිය ලබාගත් බවයි.

අන්තර්ජාලයට මුදාහැර ඇති මිනිත්තු එකයි තත්පර 08ක ධාවන කාලයකින් යුත් එම වීඩියෝ දර්ශනයේදී සමන්තභද්‍ර හිමියෝ ධර්ම දේශනා පවත්වන ආසනයේ සිට සිය ශ්‍රාවකයන් වෙත මෙසේ පවසති.

“දැන් ඔය මම හිටිය ගමන් ඔය පත්තරවල දානවනේ… මට තමා ඔය මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ… එතකොට නැති එවුන් මොකක්ද වෙන්නේ… (හයියෙන් සිනාසෙයි…) කලබලයි… දන්නව ඒක…. මුං මෝඩයෝ…. මුං පොඩි බිලී කොක්කක් දාපු ගමන්, අල්ලගෙන…, හතරවටේ… අන්තිමට මට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද…? විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා…. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගෙන මම මොකද කරන්නේ… දේශනාව පවත්වනවා… තේරුණද මේ කියන එක…? එතකොට ප්‍රසිද්ධිය ගන්න එක එක ඒව තියෙනවනේ… ඒව හිටි ගමන් බෝල කරල දානවා කාපන් කියල….

අරව කාල දිරව ගන්න බැරිව අහුවෙන අහුවෙන අහට දිදී දුවනවා…
දැන් අර… රිටිගල ගිහින් කැලේ සිවුරු නැතිව ඉන්න ෆොටෝ එක දාල “පබ්ලිසිටිය” දුන්නනේ… දැක්කද ගත්ත විදිහ….? දැක්කද ඒව ගත්ත විදිහ…? අපිම ඒ පෝස්ටරේ ගැහුවා. (සිවුරු හදමින් හයියෙන් සිනා සෙයි…)

දැන් එතකොට එපාවෙන්නේ නැද්ද…? තේරෙන්නේ නැද්ද මේ කියන එක…? ඔයාල කාට හරි බැන බැන යනවා… බැන බැන ගියාම බැනුම් අහපු ඒ මනුස්සය ඒක කිය කිය බැන බැන යනවා… එතකොට ඔයාලට එපා වෙන්නේ නැද්ද…? මොකද්ද මේ දාගත්ත තොප්පිය කියල…. ඒ තමයි ඥානය කියන්නේ… පැහැදිලි නේ කියන එක…. ලැජ්ජාවක් නෑනේ…

පිටුදූවේ සිරිධම්ම හෙවත් සමන්තභද්‍ර හිමියන් පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡා කීපයකදී තමන් අරහත් මාර්ගඵලයට පත්වී ඇති බව ප්‍රකාශ කළ අතර ඒ හිමියන්ගේ ප්‍රකාශයන් බුදුදහමට පටහැනි මෙන්ම ශාසන විරෝධී බවද බෞද්ධයන් බොහෝ පිරිසකගේ මතය විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles