ඔය කියන කතා ගානකට ගන්නෙ නෑ – පියුමි බොතේජු

 

කලා ක්‍ෂේත්‍රයේ දශකයටත් වඩා අධික කාලයක් රැඳෙමින් විවිධ නිර්මාණ ඔස්සේ දක්‍ෂතා ප්‍රගුණ කරමින් කලා ලොව සැරිසරන සමනලියකි, පියුමි බොතේජු පුරසිංහ. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “දියමත ලියමි” ටෙලි නාට්‍යයේ සකිලාගේ චරිතය පණ පොවන අතර සිරස ටී. වී. විකාශය වන “නුඹ මගේ මිස” ටෙලි නාට්‍යයේ ඔබ හමුවට එන රශ්මිද ඇයයි.

  •  මොනවද ඔබේ ආදර රසික රසිකාවියන්ට අලුතින් ඔබ දැක බලා ගන්න පුළුවන් නිර්මාණ.

මේ දිනවල මම දායක වුණු ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙනවා. ස්වාධීන රූපවාහිනියේ “දියමත ලියමි” ටෙලි නාට්‍යයේ සකිලා චරිතය රඟපානවා. ඒ වගේම සිරස ටී. වී. නාළිකාවේ විකාශය වන “නුඹ මගේ මිස” ටෙලි නාට්‍යයේ රශ්මි ලෙසින් රඟපානවා. ජාතික රූපවාහිනියේ රස මොහොත නිවේදන කටයුතු කරනවා. වේදිකා නාට්‍යයකට රංගනයෙන් දායක වෙනවා.

  •  වැඩි රසික ප්‍රතිචාර රශ්මිටද, සකිලා චරිතයටද?

තවම කියන්න බෑ ප්‍රතිචාර ලැබෙනවා සකිලා චරිතය ඉදිරියේදී දැක බලාගන්න පුළුවන්.
දිය මත ලියන්න පුළුවන්ද පියුමි.
දිය මත ලියන්න බෑ මොකද පේන්නෙ නෑ. දියමත ලියමි ටෙලි නාට්‍යයේ මම සකිලා ලෙසින් රඟපානවා.

  •  ක්‍ෂේත්‍රයට ඇවිත් කොපමණ කාලයක්ද?

අවුරුදු ‍ෙදාළහක් පමණ කාලයක් වෙනවා.

  • ඒ කියන්නේ බොහොම දුෂ්කර ගමනක්.

ඔව් හරියටම කිව්වොත් ගඟක් ගලනවා වාගේ බාධක ජයගෙන ආපු ගමනක් මේ.

  • හිමාලි චරිතයට ලැබුණ ප්‍රතිචාර කොහොමද?

පබා ටෙලි නාට්‍යය ප්‍රේක්‍ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තා. ඒ වගේම හිමාලි චරිතය ගැන නම් කියලා වැඩක් නෑ. බාල මහලු සියලුම දෙනාගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතනවා හිමාලිට මම සාධාරණයක් කළා කියලා. මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍යය අතර හිමාලි මට විශේෂයි.

  • ඔබ ගැන වෙබ් අඩවිවල විවිධ කතා පැතුරුණා ඔබගේ ජනප්‍රියත්වයට බාධාවක් නොවේද?

මට විශේෂ මතයක් නෑ මම කවුරුත් කියන දේවල් ගනන් ගන්නෙ නෑ. මම කරන කියන දේවල් මගේ පවුලේ අයට හොඳනම්. ඒ වගේම ඔය කවුරුත් කියන කිසිම දෙයක් මම කකුලේ නිය පොත්තෙන් කිසි දෙයක් මම උඩට ගන්නෙ නෑ.

  • ක්‍ෂේත්‍රයේ පැතිරෙන කට කතාවලට බයද?

ජනප්‍රිය පුද්ගලයන් ගැන හොයනවා වැඩියි. කට වටකර බැට බඳින්න බෑ කියලා ජන වහරක් තියෙන්නේ. විශේෂයෙන් කලාකරුවන්, ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට කතා හැදෙනවා වැඩියි.

  •  ආදරය ගැන ඔබට මොකද හිතන්නේ?

ආදරය ජීවිතයට අත්‍යවශ්‍යයි කියලා මට හිතෙන්නේ.

  •  පබා ටෙලි නාට්‍යයේ හිමාලි චරිතයක් ඒ වගේමද?

හිමාලි චරිතය පමණක් නොව මම දායක වුණු සියලුම නිර්මාණ එකිනෙකට වෙනස් නිර්මාණ චරිත මට ලැබුණේ.

  • පියුමිට හොඳට සින්දු කියන්න පුළුවන් නේද?

මට හොඳට සින්දු කියන්න බෑ. විශේෂ අවස්ථාවන්වලදී සින්දු කියලා තියෙනවා.

  •  රංගනයෙන් ජීවමාන කළ චරිත පියුමි චරිතයට සමානද?

පියුමි චරිතයට සමාන චරිත මට ලැබුණේ නෑ.

උපුටා ගැනීම – මව්බිම පුවත්පත​

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...