16.3 C
London
Thursday, June 19, 2025
spot_img

යාපනයේදී හෝටලයකට ගුවන් යානයක් කඩා වැටෙයි

වවුනියාව – මාධව කුලසූරිය

යාපනය, නගරයේ හෝටලයක් මතට පෙරේදා (03දා) කඩා වැටුණ කුඩා ගුවන් යානයක් යාපනය පොලිසිය වෙත භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කොට ඇත. යාපනය පොලිසිය පැවැසුවේ දුරකතන සමාගමක් සතු අදාළ කුඩා ගුවන් යානය දුරස්ථ පාලක මඟින් කොළඹ සිට යාපනය දක්වා රැගෙනවිත් ඇති අතර, දුරස්ථ පාලකයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ගුවන් යානය යාපනය නගරයට ගොඩ බස්වා ඇති බවයි.

රජයේ ආරක්‍ෂක අංශවල අනුමැතිය යටතේ කුඩා ගුවන් යානය ගුවන් ගත කොට ඇති බවත්, කඩාකප්පල්කාරී ක්‍රියාවකට එම ගුවන් යානය ගුවන් ගත කොට නොමැති බවත් යාපනය පොලිසිය පැවැසීය.

කුඩා ගුවන් යානය කඩා වැටීමත් සමඟ ප්‍රදේශවාසීන් බියවී ගුවන් යානය පොලිසිය වෙත භාරදුන් බැව්ද යාපනය පොලිසිය පැවැසීය.
කුඩා ගුවන් යානය ගුවන් ගත කළ දුරකතන සමාගම සතු ලියවිලි පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ගුවන් යානය අදාළ සමාගම වෙත නැවත බාරදුන් බවද පොලිසිය සඳහන් කරයි.

ප්‍රදේශවාසීන්ගේ විමසිලිමත්භාවය සම්බන්ධයෙන් සතුටු වන බවද යාපනය පොලිසිය පැවැසීය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles