13.1 C
London
Friday, November 14, 2025
spot_img

තලෙයිමන්නාරමටත් අද සිට දුම්රිය ගමන්.

වසර 30කට පසු කොළඹ කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය අද (14) සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා වූ කිලෝමීටර් 103ක දුරකින් යුත් දුම්රිය මාර්ගයේ මඩු සිට තලෙයිමන්නාරම දක්වා වූ කොටස විවෘත කෙරෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් 1990 වසරේ සිට මැදවච්චිය සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය සිදුවූයේ නැහැ. 2013 වසරේ සිට මඩු දක්වා දුම්රිය මාර්ගය විවෘත කෙරුණු අතර තලෙයිමන්නාරම දක්වා වූ ඉතිරි කොටසයි අද විවෘත කෙරෙන්නේ.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles