ඩුබායි සිට ස්වීඩනයේ ස්ටෝක්හෝම් නුවර බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකු තමා සතුව බෝම්බයක් ඇති බව කියමින් ගුවන් මගීන් බිය ගැන්වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
එමිරේට්ස් ගුවන් සමාගමකට අයත් යානයක ඊයේ (02) ගමන් ගත් එකී ශ්‍රී ලාංකිකයා තමන් සතුව බෝම්බයක් ඇතැයි පවසමින් ගුවන් නියමුවන් රැඳී සිටි කුටියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඔහු සිය ග්‍රහණයට ගෙන ඇති අතර එම අවස්ථාවේදී නියමුවන් යානය නිරුපද්‍රිතව ස්වීඩනයේ ආලන්ඩා ගුවන් තොටුපළට ගොඩබස්සවා තිබේ.
ඒ අනූව ගුවන් ගමනක් කඩාකප්පල් කර මගීන් බිය ගැන්වීමේ චෝදනාව යටතේ එම ශ්‍රී ලාංකිකයා ස්වීඩන් ආරක්ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.